උන්ට සාධාරණයක් නැතුව මොන අවුරුදුද ? – මහේෂ් හපුගොඩ

Date:

‘රහස් එකිනෙකාගෙන් වෙන්කර තබන ලෝකයක අප පදිංචිව සිටියත් අප ජීවත් වන්නේත් මිය යන්නෙත් ඒ රහස් නැවත එකිනෙකට මුණගැසෙන ලෝකයකය’ එහෙම තියෙන්නේ ස්පිල්බග්ගේ මියුනික් ෆිල්ම් එකේ.

ෆිල්ම් එකක තිබ්බ කියමන්වලින් මට අමතක කරන්න අමාරුම කියමනක් ඒක.

‘We inhabit a world of intersecting secrecies, we live and die at the places where these secrecies meet’

  • Munich, 2005

ඉර බහින දිහාව බලාගෙන මේ පෝස්ටරේ අල්ලගෙන හිටපු සහෝදරීගේ ෆොටෝ එකක් ගන්න ළඟට යනකොට ඒ ඇස් දිලිසෙන්න ගත්ත. තරාකිගේ ඉඳල, නිමලරාජන්ගේ ඉඳල, ප්‍රගීත්ගේ ඉඳල, ලලිත් කූගන්ලගේ ඉඳල කී දෙනෙක් ‘කපුටු තටු තියරිය’ ඇතුලේ මේ ලෝකෙන් අතුරුදහන් වෙලා ඇත්ද?

කපුටෙක් මරල තට්ට ගහක එල්ලුවම ආයේ කපුටෝ එන්නේ නැහැ කියන එක තමයි මේ පොළොවේ සත්‍යය උනේ. ඒක ලොකු කාලයක් සත්‍යයක් ලෙසම පැවතුණා. කපුටෝ මැරුවෙ, තටු එල්ලුවා, අනික් කපුටෝ සද්ද නැතුව හිටිය, නැත්නම් ඒ පළාත දාල ගියා. ඒ විදියට තමයි සමාජේ සමතුලිත බව රැකගත්තේ.

හැබැයි මරපු කපුටෝ එක වෙලාවක අවතාර හැටියට එළි බහින්න පටන් අරන් ‘කපුටු කාක් කාක් කාක්’ කියනවා. ගෝල්ෆේස් යන්න වට රවුම හැරෙන තැනම, හදවත නතර වෙනවා. සියල්ල අසමතුලිත වෙනවා.

කපුටු තටු හැටියට මේ ලෝකෙන් අතුරුදහන් වුණේ පිරිමි. හැබැයි ඒ කපුටු තටුවලට මොකක් හරි ජීවමාන අයිතියක් තිබ්බ ගැහැණු කිහිපදෙනෙක් කාලි අවතාර වගේ ඇවිදින්න අරගෙන.

කපුටත් කළුයි, කාලිත් කළුයි, ඉතිහාසයත් කළුයි.

මියගිය අයට වඩා ප්‍රභලයි මැරුණු අය කියල ඒ අවතාර ඔප්පු කරමින් ඉන්නවා. නිදහසේ මැරෙන්න ඇත්ත හොයනවා.

උන්ට සාධාරණයක් නැතුව මොන අවුරුදු ද?

(‘කපුටු තටු තියරිය’ යෙදුම ණයට ගත්තේ පුබුදු ජයගොඩ සහෝදරයගෙන්)

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනුවට මලල ක්‍රීඩකයෙක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: ශ්‍රී ලංකා කණ්ඩායමේ විස්සයි...

දවසේ උපුටා දැක්වීම: “I don’t care that they stole my idea… I care that they don’t have any of their own.” මානවයා ගැන නිකොලා...

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): නිකොලා ටෙස්ලාගේ දවසේ...

බටහිර ඉවුරේ ඉඩම් ලියාපදිංචි කිරීමේ නීති වෙනස් කිරීමට ඊශ්‍රායල රජයෙන් පියවර..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අත්පත් කරගත් බටහිර...

උගන්ඩාවේ විතරක් එල්ලිලා ඉන්න එපා නාමල්ගේ ඩුබායි සල්ලි ගැනත් අපි හොයනවා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:උගන්ඩාවේ පමණක් නොව ඩුබායි ඇතුළු රාජ්‍යයන්වලත් රඳවා...