හරීන්, මනුෂ අවුරුදු අරන් රන්ජන් බලන්න යයි !

Date:

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් විඳින, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සුවදුක් විමසීම සඳහා සමගි ජන බලෙව්ගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු මහතා සහ මනුෂ නානායක්කාර මහතා අද බන්ධනාගාරය වෙත ගොස් තිබෙනවා.

රාමනායක මහතා හමුවීමෙන් පසුව බන්ධනාගාරයෙන් පිටතට පැමිණි මනුෂ නානායක්කාර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, මිනීමරුවන්, මහජන මුදල් වංචා කළ පුද්ගලයන්, මුල්‍ය වංචාකරුවන් 80 කට වැඩි ප්‍රමාණයක් නඩුවලින් නිදහස් වෙද්දී, ජනාධිපති සමාව මත නිදහස ලබද්දී කිසිදු වැරැද්දක් සිදු නොකළ රන්ජන් රාමනායක මහතා අනීතිකව සිරගත කර ඇති බවයි. අලුත් අවුරුදු දිනයේදී අවුරුදු සැමරීම පසෙක තබා තම සහෝදරයා හමු වී ඔහුගේ සුවදුක් විමසීමට තමාත් හරීන් ප්‍රනාන්දු මහතාත් පැමිණි බවද නානායක්කාර මහතා සඳහන් කරනවා.

ආණ්ඩුවට එරෙහිව ආරම්භ කර ඇති විරෝධතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ කිසිදු පක්ෂ දේශපාලනයක් නොමැතිව අරගලය සාර්ථකව ඉදිරියට යමින් තිබෙන බවයි. මෙතෙක් පක්ෂ පාටවලට බෙදී සිදුකළ අරගලය, තරුණ තරුණියන් විසින් පක්ෂ පාට භේදයකින් තොරව ආරම්භ කර ඇති බවත් එනිසා කිසිදු පුද්ගලයෙකු එම අරගලයට පක්ෂ පාට ලේබල් ඇලවීමට උත්සාහ දැරීමෙන් වැළකී සිටිය යුතු බවද මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.

මාධ්‍ය වෙත අදහස් දැක්වූ හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ සිරදඬුවම් විඳිමින් සිටින රන්ජන් රාමනායක මහතා කිසිදු හේතුවක් මත ජනාධිපති සමාව අයදිමින්, වංචාවට දූෂණයට එරෙහිව ගෙනයන අරගලය පාවාදීමට සූදානම් නොමැති බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...