හරීන්, මනුෂ අවුරුදු අරන් රන්ජන් බලන්න යයි !

Date:

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් විඳින, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සුවදුක් විමසීම සඳහා සමගි ජන බලෙව්ගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු මහතා සහ මනුෂ නානායක්කාර මහතා අද බන්ධනාගාරය වෙත ගොස් තිබෙනවා.

රාමනායක මහතා හමුවීමෙන් පසුව බන්ධනාගාරයෙන් පිටතට පැමිණි මනුෂ නානායක්කාර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, මිනීමරුවන්, මහජන මුදල් වංචා කළ පුද්ගලයන්, මුල්‍ය වංචාකරුවන් 80 කට වැඩි ප්‍රමාණයක් නඩුවලින් නිදහස් වෙද්දී, ජනාධිපති සමාව මත නිදහස ලබද්දී කිසිදු වැරැද්දක් සිදු නොකළ රන්ජන් රාමනායක මහතා අනීතිකව සිරගත කර ඇති බවයි. අලුත් අවුරුදු දිනයේදී අවුරුදු සැමරීම පසෙක තබා තම සහෝදරයා හමු වී ඔහුගේ සුවදුක් විමසීමට තමාත් හරීන් ප්‍රනාන්දු මහතාත් පැමිණි බවද නානායක්කාර මහතා සඳහන් කරනවා.

ආණ්ඩුවට එරෙහිව ආරම්භ කර ඇති විරෝධතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ කිසිදු පක්ෂ දේශපාලනයක් නොමැතිව අරගලය සාර්ථකව ඉදිරියට යමින් තිබෙන බවයි. මෙතෙක් පක්ෂ පාටවලට බෙදී සිදුකළ අරගලය, තරුණ තරුණියන් විසින් පක්ෂ පාට භේදයකින් තොරව ආරම්භ කර ඇති බවත් එනිසා කිසිදු පුද්ගලයෙකු එම අරගලයට පක්ෂ පාට ලේබල් ඇලවීමට උත්සාහ දැරීමෙන් වැළකී සිටිය යුතු බවද මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.

මාධ්‍ය වෙත අදහස් දැක්වූ හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ සිරදඬුවම් විඳිමින් සිටින රන්ජන් රාමනායක මහතා කිසිදු හේතුවක් මත ජනාධිපති සමාව අයදිමින්, වංචාවට දූෂණයට එරෙහිව ගෙනයන අරගලය පාවාදීමට සූදානම් නොමැති බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපාන අධිවේගී මාර්ගයක වාහන 50ක් එකිනෙක ගැටීමෙන් දෙදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 28: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: මධ්‍යම ජපානයේ...

වසර පහකට පසුව මියන්මාර හමුදා පාලනයෙන් පවත්වන මැතිවරණයත් මුලාවක්?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මියන්මාර හමුදා පාලනය විසින් 2021 වසරේ...

දේශපාලන අස්ථාවරත්වය අවසන් කිරීමේ උත්සාහයක් ලෙස කොසෝවෝහි හදිසි මැතිවරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරක දේශපාලන අස්ථාවරත්වය...

ඩග්ලස් දේවානන්දාට නිකුත් කළ ගිනි අවි 20 ක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින්...