දූෂණය පිටුදකින්න ව්‍යවස්ථාපිත දූෂණ විරෝධී ආයතනයක් – සජිත්ගෙන් යෝජනාවක් (Video)

Date:

දූෂණ මර්දනය උදෙසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම ස්ථාපිත බලවත් ශක්ති සම්පන්න “දූෂණ විරෝධී ආයතනයක්” පිහිටුවීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සාමාන්‍යයෙන් සිදු වෙමින් තිබෙන්නේ බලය ලබා ගත්තාට පසු ඩීල් දැමීමත් සොරුන්, වංචාකරුවන් සමග ගණුදෙනු කිරීමත් බව පැවසූ විපක්ෂ නායකයා හොරුන් ජාවාරම්කරුවන් සමග දේශපාලඥයන් සිදුකරන ගනුදෙනුවලට තිත තැබිය යුතු බවද සඳහන් කරනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක ජන සුවය ප්‍රජා සත්කාර වැඩසටහන් මාලාවට සමගාමීව, අම්පාර දිස්ත්‍රික්කයේ පානම ප්‍රදේශයේ ජීවත්වන අගහිඟකම්වලින් පිරි පවුල් නවසීයක් වෙනුවෙන් වියළි සලාක ආහාර මල්ලක් ලබා දීමේ වැඩසටහනක් අද (14) පැවැත්විණි. ඒ අම්පාර දිස්ත්‍රික්කයේ පානම බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදීය.

රුපියල් ලක්ෂ දාහත හමාරක් වටිනා වියළි ආහාර සළාක එහිදී පරිත්‍යාග කරනු ලැබීය.

බලය ලබා ගන්නාතෙක් හොරු අල්ලන සටන් පාඨය වේදිකාවල මුර ගෑවද, බලය ලබා ගත්තාට පසු රටේ ලක්ෂ දෙසිය විස්සක් ජනතාවගේ බලාපොරොත්තු සහමුලින් අමතක කිරීම මෙතෙක් සිදු වූ ක්‍රමවේදය බව පැවසූ විපක්ෂ නායකයා යාලුකම් හෝ හිතවත්කම්වලට රටේ ජනවරම පාවා දිය නොහැකි බවද පැවසීය.

දූෂණවලට වැට බැඳීම අණපනත්වලට සීමා නොකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන බව පැවසූ විපක්ෂ නායකයා දූෂණයට වැට බැඳීම වෙනුවෙන් ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගන්නා බවද පැවසීය.

සොරාකන ලද ඩොලර් රටට ලැබෙනවා නම් මේ රටේ ජනතාව පෝලිමේ සිටිය යුතු නැති බව පැවසූ විපක්ෂ නායකයා මේ සොරකම් සහ දූෂණ සංස්කෘතිය මුලිනුපුටා දැමිය යුතු බවද පැවසීය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...

අගෝස්තු අග වෙද්දී ආර්ථිකය ඉතාම අමාරු තැනකට යනවා. 2026 මුල විශාල ආර්ථික අර්බුදයක් එනවා – රාජිත

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක්...

සජබ මතුගම බලය ඇල්ලුවේ ත්‍රස්තවාදයෙන්. ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන...