06 වෙනිදට රවට්ටපු අයව රවට්ටනවා.ජනතාව නැවත පරණ පාරට එනවා!

Date:

කොළඹ LNW: එළඹෙන මැයි 06 වැනිදාට බොරු කියූ අයට පාඩමක් ඉගැන්වීමට ගම්වල ජනතාව සූදානමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි.

මැතිවරණ ප්‍රතිඵලයේ ගණන් මිනුම් මේ මොහොතේ නොකියුවද මේ මොහොත වන විට භූමියේ අවශ්‍ය වැඩ කොටස කරමින් සිටින බවයි දිසානායක මහතා සඳහන් කරන්නේ.

කෙසේවෙතත් ගමේ බලය ආණ්ඩුවට ගත නොහැකි බව ඔහු අවධාරණය කරයි.

”ජනාධිපතිකමත් දීලා,තුනෙන් දෙකේ බලයත් දීලා, අද මේ වෙද්දී මොනවද කරලා තියෙන්නේ. රටේ දැනෙන දෙයක් කරලා තියෙනවද?තාමත් බොරු කියන එක ඇරෙන්න වෙන කිසිම දෙයක් අනුර කුමාරලා කරලා නැහැ. තුනෙන් දෙක අරන් කරපු පළමු පත්වීම. ඇයි ඉල්ලා අස්වෙන්න වුණේ. අපි බලකරලද?බොරු සහතික ඉදිරිපත් කරලා. එකපාර බොරුයි කියල පිළිගන්නේ නැතුව කොච්චරකල් මේක ඇද්දද? මේ ආණ්ඩුව බොරුවෙන් හදපු ආණ්ඩුවක්. බොරු කියල ගත්ත ජනාධිපතිකමක්. ඒ නිසා ගම බොරු කියල ගන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අපි ඉඩ දෙන්නෙත් නැහැ. විපක්ෂයේ ඉන්න කිසිම පක්ෂයක් ඉඩ දෙන්නෙත් නැහැ. අපි ඉඩ දෙන්න හැදුවත් මේ රටේ මිනිස්සු ඔළුව තියෙන මිනිස්සු සූදානම් නැහැ තුන්වෙනි පාර රැවටෙන්න.”

ඒ අනුව ජනතාව නැවත වතාවක් පරණ දේශපාලනය ආරම්භ කරනු ඇතැයි මහ ලේකම්වරයා ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...