මෙහෙම දුර්වල විපක්ෂයක් නම් දැක්කෙම නෑ.ඔවුන් අඹරපු මිරිස් ඔවුන්ටම පල දීලා!

Date:

කොළඹ LNW:මෙතරම් දුර්වල විපක්ෂයක් මෙරට ඉතිහාසයේම නොතිබුණ බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

විපක්ෂය දැන් එකිනෙකාට ඇණකොටා ගන්නා තත්ත්වයට පත්ව සිටින අතර ඔවුන් විසින් අඹරපු මිරිස් ඔවුන්ටම පලදී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරනේ.

”මේ පළාත් පාලන ජන්දය වුණත් තියන්න කැමති වෙච්ච ජන්දයක් නෙවෙයි. මීට ඉස්සෙල්ලත් සහෝදරවරු අපේක්ෂකයෝ හැටියට නාමයෝජනා දීලා වැඩ කළා. හැබැයි රනිල් මොකද කළේ තියන්න ජන්දෙකුත් නෑ කිව්වා තියන්න සල්ලිත් නෑ කිව්වා. ජන්දය කල් දැම්මා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නේ. හැබැයි මේ ජන්දය කල් දාලා අවුරුදු තුනක් විතර පරක්කු වෙච්ච ජන්දයක්. ඊළඟට අධිකරණයෙන් තීන්දුවක් දුන්නා ජන්දය තියන්න කියල. දැන් අධිකරණ තීන්දුවට අපි කටයුතු කරනවා. දැන් මේ ජන්දය තියන්න යනකොටත් අයවැය කාලේ,අවුරුදු කාලේ කියල මේක කල් දාන්න බැලුවද නැද්ද? පුළුවන් උපරිම උත්සහ ගත්තා. අන්තිමට අධිකරණයටත් යැව්වා කට්ටිය. එහෙම කරල ආයතන 18ක ජන්දය කල් දැම්මා. හැබැයි නැවත අධිකරණය තීන්දුවක් දුන්නා කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන ගණනාවක අභියාචනාධිකරණය තීන්දුව දුන්නා ආයතනවල ජන්දය තියන්න. විපක්ෂය පරාදයි. දාන දාන බෝල් වලින් එයාලගෙම විකට් තමයි යන්නේ. ජන්දය නොතියා ඉන්න බැලුවා. නඩු දාලා බැලුවා.බැරි වුණා. විපක්ෂය මහන්සි ගන්නවා ජන්ද මඟහැර යන්න. ඒකට බිමේ ප්‍රශ්නය ඔබතමුන්නාන්සේලාට තේරෙන්න ඕනේ. දැන් බිමේ විපක්ෂයක් පේනවද?මෙච්චර දුර්වල විපක්ෂයක් අපේ රටේ ඉතිහාසයේ නම් තිබුණේ නැහැ. දැන් එකාට එකා ඒ කට්ටියත් නෑ.ඇනකොටා ගන්න තත්ත්වයට පත්වෙලා. ඒ කට්ටිය කරගත්ත පිංකම් තමයි ඔය පලදෙන්නේ. වෙන මොකක්වත් නෙවෙයි. අඹරපු මිරිස් තමයි ඔය පලදෙන්නේ. ඒවාට ඉතින් අපට කරන්න දෙයක් නෑ කියන එකයි කියන්න තියෙන්නේ. ” යනුවෙන් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගම්පහටත් මහ ගංවතුර අනතුරු හැඟවීමේ නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අධික වර්ෂාපනතය සමග දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල,...

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (28) අලුයම 04.00 ට නිකුත් කළ විශේෂ තත්ව වාර්තාව

සටහන - රුවන් නෙළුගොල්ල දිස්ත්‍රික්ක 4ක දැනට පවතින නායයෑම් තත්වයන්...

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...