මස්ක් මෙවර ටෙස්ලා සමාගමෙන් රැකියා 14,000ක් කප්පාදු කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 15,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ටෙස්ලා ඉලෙක්ට්‍රික් මෝටර් රථ නිෂ්පාදක සමාගමේ සිය ගෝලීය ශ්‍රම බලකායෙන් 10%ක් එනම් 14,000කට වඩා ඉවත් කිරීමට තීරණය කර ඇති බව එම සමාගමේ ප්‍රධාන විධායක එලොන් මස්ක් නිවේදනය කර තිබේ.

ටෙස්ලා සිය වාර්ෂික වාර්තාවට අනුව පුද්ගලයින් 140,473 ක් සේවය කරන අතර එක්සත් ජනපදයේ කැලිෆෝනියා, නෙවාඩා, ටෙක්සාස් සහ නිව් යෝර්ක් හි නිෂ්පාදන ස්ථාන මෙන්ම ජර්මනියේ සහ චීනයේ කම්හල් ඇත.

ටෙස්ලා සමාගම පැවසුවේ 2024 පළමු කාර්තුවේදී පාරිභෝගිකයින් වෙත දළ වශයෙන් 387,000ක් බෙදාහැරීම් සිදු කර ඇති අතර වෙළඳපල ඉල්ලුමෙන් 13% කින් පමණ මග හැරී ඇති බවයි. එය වසර හතරකට ආසන්න කාලයකදී බෙදා හැරීම්වල පළමු වැටීම බවයි.

කෙසේ නමුත් මේ වෙනුවෙන් රතු මුහුදේ නැව් ගමනාගමනයට ප්‍රහාර එල්ල කිරීම, එහි යුරෝපීය කර්මාන්ත ශාලාවට ගිනි තැබීම වැනි අනපේක්ෂිත සාධක නිසා ඇති වූ නිෂ්පාදන ගැටළු මෙන්ම මස්ක්ගේ භේදකාරී පෞරුෂය විකුණුම්වල පසුබෑමක් ඇති කළ බවට අදහස් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාට එරෙහි හදිසි පරීක්ෂණය ‘කුමන්ත්‍රණයක්’ දැයි සැකයක් !

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාට එරෙහිව බෞද්ධ කටයුතු...

ඇය වෙනුවෙන් එය කරන්න..TLC ට්‍රයැත්ලෝත් 2025

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ LNW : පියයුරු පිළිකාවට එරෙහිව...

විජේරාමයේ සිටිය ද, තංගල්ලෙ සිටිය ද මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමයි – ගමට ගිය හිටපු ජනපති තැබූ සටහන!

කොළඹ LNW:ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනතට අනුව ඊයේ (11)...