අධිපතිවාදය සහ ආරක්ෂණවාදයට විරුද්ධ වන්නැයි චීන ජනපතිගෙන් ඉල්ලීමක්!

Date:

කොළඹ LNW:අධිපතිවාදය, ඒකපාර්ශ්විකත්වය සහ ආරක්ෂණවාදයට එක්ව විරුද්ධ වන ලෙස චීන ජනපති ෂී ජින්පිං මහතා ඉල්ලා සිටිනවා. වියට්නාමයේ නිල සංචාරයකට එක්ව සිටින චීන ජනපතිවරයා එරට අග්‍රාමාත්‍ය Pham Minh Chinh මහතා හමු වූ අවස්ථාවේ දී මේ බව සඳහන් කළා.

ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ඒකාබද්ධව ආරක්ෂා කිරීමට මෙන්ම ආසියාවේ හා ඉන් ඔබ්බට සාමය, ස්ථාවරත්වය, සංවර්ධනය සහ සමෘද්ධිය ආරක්ෂා කිරීම සඳහා ගෝලීය සංවර්ධන මුලපිරීම, ගෝලීය ආරක්ෂක මුලපිරීම හා ගෝලීය ශිෂ්ඨාචාර මුලපිරීම ක්‍රියාත්මක කරන ලෙසත් ජනපති ෂී ජින්පිං මහතා එහිදී ඉල්ලා සිටියා.

එහිදී හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ, චීනය සහ වියට්නාමය බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය ස්ථිරව ආරක්ෂා කරමින් වඩාත් විවෘත වූ ද සමබර වූ ද සැමට ප්‍රයෝජනවත් ආර්ථික ගෝලීයකරණයක් සඳහා යාමට එක්ව ක්‍රියා කළ යුතු බවයි.

මේ අතර මෙහිදී අදහස් දක්වමින් වියට්නාම අග්‍රාමාත්‍ය Pham Minh Chinh මහතා අවධාරණය කර සි‍ටියේ චීන ජනපතිගේ මෙම රාජ්‍ය සංචාරය මෙම වසරේ දෙරට අතර සිදුවන වැදගත්ම ඉහළ මට්ටමේ හුවමාරුව බවයි.

තවද, සංකීර්ණ හා අස්ථාවර ජාත්‍යන්තර තත්ත්වය තුළ උපායමාර්ගික අවධානය පවත්වා ගැනීමටත්, බහුපාර්ශ්විකත්වය ආරක්ෂා කිරීමටත් පියවර ගන්නා අතරම, ජාත්‍යන්තර හා කලාපීය කටයුතුවල දී චීනය සමග සහයෝගීතාව ශක්තිමත්ව පවත්වා ගැනීමට වියට්නාමය බලාපොරොත්තු‍ වන බව ද අග්‍රාමාත්‍ය Pham Minh Chinh මහතා මෙහිදී සඳහන් කර තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවනින් ආ රුසියානු ආධාර: ජංගම විදුලි බලාගාරයකුත් ඒ අතර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදා තත්ත්වයට ආධාර...

ආපදාව අස්සේ දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල සවිකර තිබූ කේබල් සොරකම් කරලා..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදාවට පත් ප්‍රදේශවල...

ගංගා සාමාන්‍ය තත්ත්වයට – ගංවතුර ඇඟවීම් ඉවත් කරයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අනතුරු ඇඟවීම් කරන ලද ගංගා ද්‍රෝණි...

ඇයි මේ සයිරන් ගහන්නේ එවන්නකො SMS එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේදී පැරණි...