අකුරු තහනම් ඇෆ්ගන් ගැහැණු දරුවන් අඩු වැටුපට කාපට් තැනීම සිය ජීවනාලිය කරගනියි

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 2021 දී තලේබාන්වරු ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගත් දා සිට, වයස අවුරුදු 12 ට වැඩි ගැහැණු ළමයින්ට අධ්‍යාපනය ලැබීම හා විවිධ රැකියාවල නිරතවීම සම්පුර්ණයෙන්ම තහනම් කර ඇත.

ඇෆ්ගන් කාන්තාවන් 19%ක් 2020 දී එරට ශ්‍රම බලකායේ කොටසක් වූ අතර තලෙයිබාන් පලනයත් සමඟ එය සීග්‍රයෙන් පහත වැටි ඇත.

මේ වන විට එරට කාන්තාවන් අඩු වැටුප් ලබන කාපට් තැනීමට යොමු වී ඇති අතර එය තලේබාන් රජය කාන්තාවන්ට වැඩ කිරීමට ඉඩ දෙන ස්වල්ප වෙළඳාම් වලින් එකක් බවට පත්වී ඇත. ඔවුන් සිය පවුල් නඩත්තු කිරීමට මුදල් අවශ්‍ය වීම සහ රැකියා සඳහා විකල්ප කිහිපයක් නොමැති වීම නිසා, මෙලෙස අඩු වැටුප් සහිත ශ්‍රමයේ සිරවී සිටිති.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, ඇෆ්ගනිස්ථානුවන් මිලියන 1.2 සිට 1.5 දක්වා පිරිසකගේ ජීවනෝපායන් කාපට් රෙදි විවීමේ කර්මාන්තය මත රඳා පවතින අතර, ශ්‍රම බලකායෙන් 90% ක් පමණ කාන්තාවන් වේ.

ඔවුන් 2024 මුල් මාස හය තුළ පමණක්, ඩොලර් මිලියන 8.7 (පවුම් මිලියන 6.6) ක් වටිනා කාපට් කිලෝග්‍රෑම් මිලියන 2.4 කට වඩා පකිස්ථානය, ඉන්දියාව, ඔස්ට්‍රියාව සහ ඇමරිකා එක්සත් ජනපදය, චීනය හා රුසියාව වැනි රටවලට අපනයනය කර ඇති බව එරට කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය සඳහන් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...