නීති විරෝධී ධීවර කටයුතු ගැන නාවික හමුදාව විමසිල්ලෙන්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 16, කොළඹ (LNW): ත්‍රිකුණාමලය රවුන්ඩ් අයිලන්ඩ් මුහුදු ප්‍රදේශයේ පසුගියදා සිදුකළ සෝදිසි මෙහෙයුමකිිින් තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දහ හතර දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රා හතරක්  නාවික හමුදා භාරයට ගෙන ඇත.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.

මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 25 ත් 63 ත් අතර වයසේ පසුවන මූතූර්, කින්නියා, වෙල්ලමානල් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන තිබෙන අතර , නාවික හමුදා භාරයට ගත් එම සැකකරුවන් දහ හතර දෙනා  ඉදිරි නීතීමය කටයුතු සඳහා කොඩ්බේ ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර ඇත .

ඩිංගි යාත්‍රා හතර  සහ තහනම් ධීවර ආම්පන්න ඉදිරි නීතීමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායලය කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගුවන් ප්‍රහාර එල්ල කරයි

සටහන: සශිකලා මධුෂාණිසැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(09) දිනයේදී...

මේ වසර තුළ පොලිස් නිලධාරීන් 350 කගේ වැඩ තහනම් කර තිබෙනවා – ඇමති ආනන්ද

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා ගතවූ කාලය...

බැකෝ සමන් සහ තැඹිලි ලහිරුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්දුනීසියාවේදී අත් අඩංගුවට ගෙන මෙරටට රැගෙන...