අනාගතය ගැන සිතා ජල නාස්තිය නවතමු!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 16, කොළඹ (LNW):ජල නාස්තිය අවම කිරීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරන්නේ, අනාගතයේදී පාරිභෝගික ජනතාවට ජලය සැපයීම වඩාත් දුෂ්කර වනු ඇති බවයි.

මනු කියවීමට පෙර සහ පසු සිදුවන ජල නාස්තිය අවම කිරීම උදෙසා මෙම මාර්ගෝපදේශ සකස් කර තඇති අතර, ‘ජල සම්පාදන සැපයුම්කරුවන් සඳහා ජල සැපයුම් සම්බන්ධතා මාර්ගෝපදේශ’ යනුවෙන් මෙම මාර්ගෝපදේශ නම්කර ඇත. අදාළ මාර්ගෝපදේශවල සාර්ථකත්වය අනුව ඉදිරියේදී ඒවා නියාමනය කිරීමටද නියමිතය.

එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ, පවතින මූල්‍ය අර්බුද හේතුවෙන් සියලුම රාජ්‍ය සේවා සපයන්නන් විසින් නව ව්‍යාපෘති හෝ පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ආයෝජනය කිරීම ද අභියෝගයක් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...