නිරිතදිග පාකිස්තානයට ඇද හැලෙන වර්ෂාවෙන් පුද්ගලයින් 39ක් මිය යයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අධික වර්ෂාපතනය සහ අකුණු අනතුරු මගින් නිරිතදිග පාකිස්තානයේ පුද්ගලයින් 39 දෙනෙකු මියගොස් ඇති බව විදසේ මාධ්‍ය වාර්තා කරයි.

මියගිය පිරිස අතර වැඩි දෙනෙක් ගොවීන් වන අතර ඔවුන් අස්වනු නෙළීමේ නිරතව සිටියදී අකුණු අනතුරුවලට ලක්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ගොවි බිම් රැසක් ද ජලයෙන් යටවී පවතින අතර, .විදුලිබල සැපයුම සහ ප්‍රවාහන සේවා ද අඩාල වී ඇති බව වාර්තා වෙයි.

2022 වසරේදී පාකිස්තානයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් ඇති වු අනතුරු මගින් පුද්ගලයින් 1700කට අධික පිරිසක් මියගොස් තවත් දහසකට අධික පිරිසක් තුවාල ලැබූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...

තිදෙනෙකුට ජීවිත අහිමි කළ මාරක රිය අනතුර!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: අද (08) සවස,...