*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

අනිවාර්යයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා – සජිත්ගෙන් අරගලයට සහතිකයක් (VIDEO)

අද අපේ රටේ තිබෙන්නේ අන්ත දූෂිත හොරකම ඉහවහා ගිය දුර්දාන්ත ආණ්ඩුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. රටේ රාජ්‍ය දේපළ රාජ සම්පත් මංකොල්ල කන කප්පිත්තන් බවට රට පාලනය කරන පවුල පත්ව ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා එවැනි රටක් අඟලක් හෝ පෙරට යන්නේ නැති බවත් පෙන්වා දුන්නේය.

අද රට වැටී ඇති විනාශයට සහමුලින් වගකිවයුත්තේ මේ පවුල් ආණ්ඩුව බව පැවසූ විපක්ෂ නායකවරයා ඔවුන් විසින් මංකොල්ල කා විවිධ රටවල සඟවා ඇති සියලු මුදල් ආපසු අයකර ගැනීම ඒකාන්තම සිදුකරන බවත්, එම සොරුන්ට දඬුවම්දීම නිශ්චිතවම සිදුකරන බවත් අවධාරණය කළේය.

ඒකාන්ත වශයෙන්ම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වෙනුවෙන් අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරන බවත්, විශ්වාසභංගයක් සහ දෝෂාභියෝගයක් මගින් ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් පරාජය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බවත්,එයින් නොනැවතී විසිවැනි සංශෝධනය ආපසු හරවා දහනව වැනි සංශෝධනය ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් මේ රටේ අරගල කරන සියලු ජනයාගේ නාමයෙන් සහතික වන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඔවුන්ගේ ඉල්ලීම් සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති සමඟ සහමුලින් එකඟ බව පැවසූ විපක්ෂ නායකවරයා ඔවුන්ගේ හඬ බවට ක්‍රියාවෙන්ම සමගි ජන බලවේගය පත්වන බවත් සඳහන් කළේය .එමෙන්ම එකී නිර්පාක්ෂික අරගලයට සිය ප්‍රණාමය හිමි වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා ප්‍රමුඛ නින්දිත පාලනය මේ රටින් ඉවත් කොට දැමීම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අරගලය නොනැවතී පෙරට යන බව පැවසූ ඒ මහතා රටට ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ ලබා දීම වෙනුවෙන් තමන් ඇප කැප වෙන බවද පැවසීය.

පෝලිම් පිට පෝලිම් රටපුරා තිබියදීත් ආණ්ඩුව ගුවන් යානා ගැන්වීමට ඇණවුම් කිරීමට සූදානම් වන බව පැවසූ විපක්ෂ නායකවරයා, ඊට අමතරව අධිවේගී මාර්ග ඉදිකිරීම හරහා මහා පරිමාණ දූෂණ සිදුකරන බවද පෙන්වා දුන්නේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 48වන පියවර ලෙස ඊයේ දිනයේදී (15) රුපියල් විසිඑක් ලක්ෂ තිස් හතරදහසක් (රු. 2,134,400) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරේපත්තුව පනම්කාඩු ප්‍රාදේශීය රෝහලට පරිත්‍යාග කරනු ලැබීය.

මීට පෙර වට 47ක් තුල ලක්ෂ 1268ක (රුපියල් 126,863,500) රෝහල් උපකරණ ලබාදීමට සමගි ජන බලවේගය කටයුතු කරනු ලැබීය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan