ජනපති අලුත් අවුරුද්දේ වැඩ අරඹයි. රටේ තත්වය ගැන සාකච්ඡා වට කිහිපයක්

වර්තමානයේ පවතින කාරණා පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් අද (16) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව, එහි පළමු සාකච්ඡාවට මුදල් අමාත්‍ය අලි සබ්‍රි, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන යන මහත්වරුන් සහභාගී වී ඇත.

එමෙන්ම එහි තවත් සාකච්ඡාවක් මුදල්, බලශක්ති සහ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් සමග පවත්වා තිබේ.

May be an image of 5 people, people standing and indoor

RN