ට්‍රම්ප් සමඟ වෙළඳ යුද්ධය අතරතුර චීනයේ ආර්ථික වර්ධනය 5.4%කින් ඉහළට

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 2025 වසරේ චීනයේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 5.4%කින් ඉහල ගොස් ඇති බව වාර්තා වේ.

මෙම දත්ත චීනයේ නිෂ්පාදිත භාණ්ඩ සඳහා එක්සත් ජනපද තීරුබදු 10% සිට 145% දක්වා ඉහළ යාමට පෙර කාල පරිච්ඡේදයක් ආවරණය කර තිබේ.

කෙසේ නමුත් මේ වන විට ඇමරිකාව පනවන ලද තීරුබදු වලට ප්‍රතිචාර වශයෙන් චීනයද ඇමරිකානු අපනයන වෙනුවෙන් 125%ක බද්දක් පනවා ඇති අතර මේ දිනවල චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රධාන වෙළඳ හවුල්කරුවන් සමඟ සන්ධාන ශක්තිමත් කිරීම සඳහා අග්නිදිග ආසියාවේ සංචාරයක නියැලෙමින් සිටියි.

වර්ධනය වන දත්ත මගින් අර්බුදය හමුවේ චීනයේ ඔරොත්තු දීමේ හැකියාව අවධාරණය කරන නමුත් එක්සත් ජනපදය විසින් පනවන ලද ඉහළ තීරුබදු අපේ රටේ විදේශ වෙළඳාමට සහ ආර්ථිකයට යම් පීඩනයක් ගෙන එනු ඇත.

කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් චීන සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නියෝජ්‍ය කොමසාරිස් ෂෙන්ග් ලයියුන් සඳහන් කර තිබුණේ, වර්ධනය ඉහළ නැංවීම සඳහා චීනය වඩාත් ක්‍රියාශීලී පියවර ගන්නා බවත්, ආර්ථිකයට සහාය වීම සඳහා බීජිනයට පොහොසත් ප්‍රතිපත්තියක් ඇති බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනුවට මලල ක්‍රීඩකයෙක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: ශ්‍රී ලංකා කණ්ඩායමේ විස්සයි...

දවසේ උපුටා දැක්වීම: “I don’t care that they stole my idea… I care that they don’t have any of their own.” මානවයා ගැන නිකොලා...

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): නිකොලා ටෙස්ලාගේ දවසේ...

බටහිර ඉවුරේ ඉඩම් ලියාපදිංචි කිරීමේ නීති වෙනස් කිරීමට ඊශ්‍රායල රජයෙන් පියවර..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අත්පත් කරගත් බටහිර...

උගන්ඩාවේ විතරක් එල්ලිලා ඉන්න එපා නාමල්ගේ ඩුබායි සල්ලි ගැනත් අපි හොයනවා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:උගන්ඩාවේ පමණක් නොව ඩුබායි ඇතුළු රාජ්‍යයන්වලත් රඳවා...