ඇමරිකානු තීරු බදු ප්‍රශ්නයෙන් අර්බුදය එන හැටි මෙන්න – හිටපු ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්!

Date:

කොළඹ LNW:ඇමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය තුළින් මෙරට ලක්ෂයකට අධික පිරිසකගේ රැකියා අහිමිවීමේ අවදානමක් පවතින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.

වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ අද (16) විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

ඒ අනුව මෙය හදිසි අවස්ථාවක් ලෙස සලකා ඇමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය පිළිබඳව රජය ගන්නා ක්‍රියාමාර්ග ගැන රට දැනුවත් කළ යුතු බවයි වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.

“තීරු බදු වැඩිවෙන්න වැඩිවෙන්න භාණ්ඩ මිලදී ගන්න පාරිභෝගිකයින්ගේ සංඛ්‍යාවත් අඩුවෙනවා. ඒ ප්‍රශ්නයට අපි මුහුණ දෙන්න ඕනේ. මේක නතර කරන්න බැහැ ඒක ක්‍රියාත්මක වෙනවා. මේකේ එක බලපෑමක් තමයි රැකියා නැතිවීම. බොහෝ දෙනෙක් ලක්ෂය කියලා කියන්නේ. ලක්ෂයක් වුණත් ඊට අඩු වුණත් ඒ ප්‍රමාණය විශාල වෙන්න යනවා. ඒ වගේම ඒකට සම්බන්ධ අනෙක් අය.බෝඩින් කාමර දෙන අය, කඩ සාප්පු කරන අය. ඒ හැම කෙනාගෙම ආදායමට මේකෙන් පහරක් වැදෙනවා. අපේ ආර්ථිකයටත් පහරක් වැදෙනවා. අපේ ගෙවුම් ශේෂයට තවත් බරක් එනවා. අපිට ලැබෙන මුදල් ප්‍රමාණය අඩුවෙනවා. ඒ නිසා අපි ණය ගන්න ප්‍රමාණය වැඩි වෙනවා. මේ අර්බුදය නිසා රුපියල තවත් අඩුවෙලා තියෙනවා. ආර්ථිකයේ වර්ධන වේගය අඩුවෙන්න පුළුවන්. ඒ නිසා ලංකාවට ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ නිසා එකක් ඇමෙරිකාව එක්ක සාකච්ඡා කරන්න. අනික අපි කොහොමද දේශීය වශයෙන් මේ ප්‍රශ්න විසඳන්නේ. ඒ නිසා මේක හදිසි අවස්ථාවක් ලෙස සලකා ආණ්ඩුව ගන්න පියවර කුමක්ද කියලා රටට දැනුවත් කරන්න ඕනේ. නැත්නම් මේ තත්ත්වය ගැන ප්‍රකාශයන් නොකරුවොත් එක එක ප්‍රශ්න ඇති වෙනවා.” යනුවෙන් වික්‍රමසිංහ මහතා තවදුරටත් සදහන් කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Kuril Islands ආසන්නයේ අදත් භූමිකම්පාවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද...

ප්‍රචණ්ඩත්වය සහ නවකවදයට කිසිදු සමාවක් නෑ – අග්‍රාමාත්‍ය හරිනි

රෂිකා හෙන්නායක අගෝස්තු 03, කොළඹ LNW: වව්නියාව විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් ඉදි...

බංග්ලාදේශයේ හිටපු නායිකා ෂෙයික් හසීනාට එරෙහි නඩු විභාගය ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශ නායිකා ෂෙයික්...