නීතිවිරෝධී මත්පැන් සකස් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක

වරකාපොළ, උඩුවක ඇත්නාවල ප්‍රදේශයේදී , නීති විරෝධී මත්පැන්, ගෝඩා සහ විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

ඒ, ලද තොරතුරක් මත කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදී බව පැවසේ. 

පොලීසිය පැවසුවේ ,එම වැටලීමේදී නීති විරෝධී මත්පැන් ලීටර් 99ක් මත්පැන් පෙරීමට යොදාගන්නා ගෝඩා ලීටර් 1,820ක් සොයා ගත් බවයි . 

අත්අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවිරිදි අල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වරකාපොළ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...

ප්‍රවීණයන්ගේ සටන්වලදී බටර්ෆ්ලයි අයෝමිට ත්‍රිත්ව සූරතා නූලෙන් මඟ හැරෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ප්‍රවීණයන්ගේ සංගමය විසින් මෙහෙයවන...

ඇමරිකාවේ මීළඟ ඉළක්කය ගැන ඔබ සත්‍යවශයෙන් දැන සිටියාද?

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...