*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

ඖෂධ හිඟය නිසා ඉදිරියේදී ශ්‍රී ලංකාවෙන් කෝවිඩ් මරණවලටත් වඩා වැඩි මරණ ගණනක් වාර්තා වේවි – CNN

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කෝවිඩ් මරණ 16,000 ටත් වඩා වැඩි මරණ සංඛ්‍යාවක් ඉදිරියේදී රට තුළ පවතින උග්‍ර ඖෂධ හිඟය හේතුවෙන් ඇති විය හැකි බව නවතම CNN වාර්තාවක දැක්වෙයි.CNN පුවත් සේවය සමග අදහස් දක්වන රාජ්‍ය ඖෂධවේදීන්ගේ සංගමයේ ලේකම් අතුල අමරසේන මහතා මෙසේ පවසයි.

”මේ අර්බුදය කොයි තරම් නරකදැයි අපිට දැන්ම කියන්න බැහැ. නමුත් එය තවදුරටත් අර්බුදකාරී වන බව අපි දන්නවා..”

CNN වාර්තාව පෙන්වා දෙන ආකාරයට රෝහල්වල මෙන්ම ෆාමසිවල ද මේ වන විට දැඩි ඖෂධ හිඟයක් පවතියි.

පිළිකා රෝගීන් හට රෝහල්වලින් නොමිලේ ලබාදුන් ටොපොටෙකාන් (Topotecan) වැනි කීමෝතෙරපි ඔසු පවා මේ වන විට මුදල් ගෙවා ලබාගත යුතු තත්වයට පත් ව තිබේ. නමුත් රෝගීන් පෙන්වා දෙන්නේ බොහෝ ඔසු, මුදල් ගෙවා හෝ ලබාගැනීමට නොමැති බවයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) ද පසුගිය දා ලිපියක් මගින් පෙන්වා දී තිබුණේ රට පුරා රෝහල්වල හදිසි තත්වයන්ට භාවිතා කරන ඔසු සහ වෛද්‍ය උපකරණවල හිඟයක් පවතින බවයි. බොහෝ රජයේ රෝහල් සැත්කම් කල් දමමින් සිටින්නේ නිර්වින්දන ඔසු යනාදිය හිඟවී ඇති හෙයිනි.

ආඝාත (strokes) සහ හදවත් රෝගීන්ට හදිසි ප්‍රතිකාර සඳහා ලබාදෙන ඖෂධ හිඟ වෙමින් පවතින බව මේ අතර වාර්තා වේ.

මාස කිහිපයක් තිස්සේ, රටේ ඔසු සහ වෛද්‍ය උපකරණ හිඟයක් පවතින බව ප්‍රතික්ෂේප කරමින් සිටි සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය බදාදා දිනයේ මේ බව පිළිගත්තේය. සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ශ්‍රී ලංකාවට මේ වන විට ඖෂධ මිලදී ගැනීම සඳහා ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 10 ක් ලැබී තිබේ. නමුත් එය කවදා ලැබේ ද යන්න පිළිබඳ නිශ්චිත අදහසක් නැත.

මෙම ඖෂධ හිඟය පිටුපස තිබෙන්නේ තනි හේතුවක් නොවන බව ක්ෂේත්‍රයේ ඇතැම් අය කියද්දී, තවත් අය පවසන්නේ මෙය වළක්වා ගත හැකි ව තිබූ, හිතාමතාම නිර්මාණය කළ අර්බුදයක් බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ((GMOF) ) සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට අනුව මෙයට හේතුව වී තිබෙන්නේ ආණ්ඩුව ඖෂධ සැපයුම්කරුවන්ගේ ණය පියවීමට අසමත් වීමයි.

ආණ්ඩුව විසින් අනුමත කළ ඖෂධ අයිතම 2,500 අතින් 60 ක් මේ වන විට නියත වශයෙන්ම හිඟ වී ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

ආණ්ඩුව සාකච්ඡා කරනවාලු!

ඇතැම් රෝහල් ශල්‍යාගාරවල රාත්‍රී කාලයේදී මොබයිල් දුරකථනවල ආලෝකයෙන් සැත්කම් කරන බවත්, වරක් භාවිතා කර ඉවත දැමිය යුතු කැතීටර සහ ටියුබ් නැවත නැවත භාවිතා කරන බවත් එම වාර්තාව තවදුරටත් පෙන්වා දෙයි.

මේ අතර, ඖෂධ හිඟය හේතුවෙන් කිසිදු රෝගියෙක් මරණයට පත් වූ බව ආණ්ඩුව මෙතෙක් පිළිගෙන නැත.

මේ අර්බුදයේ අනාගතය කුමක්ද?

ඖෂධ හෝ ඒ සඳහා අරමුදල් ලබාගැනීමට තමන් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ආසියානු සංවර්ධන බැංකුව සමග අන්තර්වාර සාකච්ඡා පවත්වන බවත්, පිටරට සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් සම්මාදම් අරමුදල් එක්රැස් කර ගැනීමට බලාපොරොත්තු වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සතියේ නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ.

නමුත් වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ සාකච්ඡාවලට වඩා අවශ්‍ය වී තිබෙන්නේ කඩිනම් උපකාර (urgent help) බවයි.

මේ අතර, ජනපතිට අප්‍රේල් 7 වැනිදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් යැවූ, පසුගිය ඉරිදා දිනයේ ප්‍රසිද්ධ කරන ලද ලිපියකින් කියා තිබෙන්නේ, සෞඛ්‍ය ගැටළු, ජීවිත තර්ජන ඇති කරන හදිසි තත්වයන් ලෙස සාමාන්‍යයෙන් සලකන්නේ නැති බවයි.

එනිසා සැපයුම් වහාම යථා තත්වයට පත් නොකරන්නේ නම්, දින ගණනක් නොව සති ගණනාවකට හදිසි ප්‍රතිකාර නතර කිරීමට සිදුවනු ඇතැයි ඔවුන් අනතුරු අඟවා තිබේ.

”මෙය මරණ විනාශකාරී සංඛ්‍යාවක් ප්‍රතිඵල කරනු ඇත” යැයි ද ඔවුන් කියා තිබේ.

අතුල සමරසේන මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට අන්තර්ජාතික සංවිධානවල ආධාර හිමි වුවද එම නැව්බඩු තොග ලංකාවට පැමිණීමට සති හෝ මාස ගණනාවක් ගත වන බවයි. තවද ඇතැම් ඖෂධ නිපැයුම්කරුවන් ඖෂධ නිෂ්පාදන කටයුතු අරඹන්නේ ඇණවුම් ලැබුණු පසු ය.

මේ අතර ලංකාවේ මේ මොහොත වන විට සෞඛ්‍ය ඇමතිවරයෙකු පවා නැත. බලයේ සිටින රෙජීමයට ඉවත් වන ලෙස බල කරමින් මාර්තු 31 වැනිදා ආරම්භ වූ සිවිල් අරගලයේ පසුබිම තුළ දේශපාලන අස්ථාවරත්වය ඔඩු දුවමින් තිබේ.

Photo Courtesy: Jeevani Fernando

CNN සම්පූර්ණ ලිපිය මෙතැනින් කියවන්න..

Surgery by mobile phone light and reusing catheters: Sri Lanka’s economic woes push hospitals to the brink of disaster

RADIKA GUNARATNE OUTBOUNDTODAY

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan