*
Monday, July 8, 2024
spot_img

Latest Posts

සරත් ෆොන්සේකාගේ ෆේස් බුක් සටහනට ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රතිචාර!

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් සිය මුහුණු පොතෙහි ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අමතා තබා තිබූ සටහන සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වා තිබේ.

ඒ අනුව සාමකාමී විරෝධතාකරුවන් වෙත හමුදා බලය අයුතු ලෙස යොදා ගැනීමේ කිසිදු සූදානමක් නොමැති බවයි නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක ලේකම් කමල ගුණරත්න මහතා අවධාරණය කර ඇත්තේ.

ප්‍රජාතන්ත්‍රවාදීව සිදුකෙරෙන සාමකාමී විරෝධතා මැඩපැවැත්වීම සඳහා කිසිසේත්ම හමුදා භටයන් යොදා නොගන්නා බවත් ප්‍රචණ්ඩකාරී අවස්ථාවකදී දේශයේ ආරක්ෂාව වෙනුවෙන්,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට සහ සියලු ශ්‍රී ලාංකිකයන් අතර සාමය සහ සහජීවනය ඇති කිරීමට පොලිසිය විසින් එවැනි සහායක් ඉල්ලා සිටින අවස්ථාවකදී පමණක් පොලීසියේ ඉල්ලීම පරිදි හමුදා සහාය ලබාදෙන බවයි එම නිවේදනයේ දක්වා ඇත්තේ.

සාමකාමී ලෙස විරෝධතාවයේ යෙදෙන අය අතරට බුද්ධි අංශ සාමාජිකයන් යවා ඔවුන් මඟින් යම් කලකෝලහාල තත්ත්වයක් ඇතිකර හෝ බෝම්බ පිපිරීමක් වැනි දෙයක් සිදුකර එය හුවාදක්වමින් ඔවුන් විසුරුවා හැරීමට ත්‍රිවිධ හමුදාව යොදාගැනීමේ අදහසක් ඇතැයි සමාජ මාධ්‍ය හරහා යන තොරතුරුවල කිසිම සත්‍යතාවයක් නැති අතර ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන් රටට සහ ජනතාවට ආදරය කරන සදාචාරාත්මක හමුදාවක් බවද එමඟින් තහවුරු කර තිබේ.

සාමකාමී අරගලයන්වලදී තම යටි අරමුණු ඉටුකර ගැනීමට කටයුතු කිරීමට වෙර දරන විවිධ කණ්ඩායම් පිළිබඳව පිළිබඳ අවධානය යොමුකරමින් ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ සාමකාමී විරෝධතාවලට මුවා වී රාජ්‍ය දේපළ හෝ පෞද්ගලික දේපළ විනාශ කරන්නන්ට සහ ඒ සඳහා නායකත්වය දෙන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග පොලීසිය විසින් ගන්නා බවයි.

ආරක්‍ෂක ලේකම්වරයා ත්‍රිවිධ හමුදාපතිවරුන් සමඟ එක්ව රටේ නීතිය, සාමය සහ ජනතාව ආරක්‍ෂා කිරීමටත්,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීමටත් තම යුතුකම වගකීමෙන් යුතුව ඉටු කරන බවත් එම නිවේදනයෙන් දන්වා තිබේ.

සරත් ෆොන්සේකා මහතාගේ ෆේස් බුක් සටහන

ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මැතිතුමනි,
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමනි.

මාගේ අණ හා විධානය යටතේ ත්‍රස්තවාදය පරාජය කිරීමේ මානුශීය මෙහෙයුමට සේනාංක මෙහෙයවු ඔබ, මේ මොහොතේ රට තුළ පැනනැගී ඇති අතිශයින් සාමකාමී සිවිල් ජන අරගලය මර්දනය කිරීමට දූශිත පලකයින් ලබාදෙන අනීතික නියෝග පිළිබදව සියදහස් වාරයක් සිතා බලා කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරමි.

දූශිත අකාර්යක්ෂම රාජ්‍ය පාලනය නිසා රට තුළ උද්ගතවී තිබෙන ජීවත්වීමේ අර්බුදය හේතුවෙන් සාමාන්‍ය සිවිල් ජන සමාජය තුළ ඇතිවී තිබෙන පීඩනය සාමකාමී, අවිහිංසාවාදී ජනතා විරෝධතාවයක් ලෙස වීදිබැස තිබේ.

සිය බලය පවත්වාගැනීම වෙනුවෙන් පීඩාවට පත්ව සිටින අහිංසක සිවිල් පුරවැසියන් මර්ධනය කිරීමට රාජපක්ෂ රජය දරන කුමන හෝ උත්සාහයක් ඉතා පිලිකුල්සහගත ලෝකයේම අප්‍රසාදයට ලක්වන ක්‍රියාවලියක් වනු ඇත.

මා යටතේ මානුෂිය මෙහෙයුමක නියමුවන්වූ වීරෝධාර රණශූරයන් ලොවක් ඉදිරියේ අපකීර්තියට හා අප්‍රසාදයට ලක්වීම කිසිවිටෙකත් මම බලාපොරොත්තු නොවෙමි.

එබැවින් යළි යලිත් මා ඔබට අවධාරණය කරන්නෙ දූශිත පාලකයින් ලබාදෙන ජනතාවිරෝධී අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට පෙර සියදහස් වාරයක් සිතා බලන ලෙසයි.

ස්තුතියි.ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan