කොළොම් තොට සටනට, සියොන් කඳු මත්තෙනි

Date:

+කොළොම් තොට සටනට, සියොන් කඳු මත්තෙනි+

නියොන් එළි දැල්වෙනා සටන් බිම කියන්නේ කොළඹට

හටන් කවියක් ලියමි පාස්කුව ගෙවී යන මොහොතක

සියුම් ලෙස මතු වෙවී සියුම් ලෙස වහන් වෙන සිහිනෙට

සියොන් කඳු මුදුන් මත රැව් නැඟුණු ගීතිකා මතකද?

සියොන් කඳු මුදුන් මත ගිගුම් දෙන හැඟුම් රැඳි අතීතෙක

කියන් දෙවියනි ඔබත්, දෙමෙල් බස නො තේරෙන විමානෙ ද

පෙනෙන්නෙ ම විමානෙට කොලොම් තොට විසල් දෙව් ගුහාමද

දුරින් ඇති බැවින් දුක් සුසුම් පොදි හුදෙකලා වෙලාව ද

බලන්, මේ මල් කැකුළු අත් නඟා මඩකලපු අහසට

හැඟුම්බර කටහඬින් ආදරේ පවසන්නෙ කාට ද

එවන් ඇස් මුහුණ ලා සිටින්නේ අවසාන මොහොතට

කියන් මට දෙවියනේ ඇයි දෑස් අරගත්තෙ අහකට

දෙවියන්ට ගයනතර මල් කැකුළු පිපිරෙන්නෙ කොහොම ද

‘එවන් පව් කප්පරක්’ හොර රහසෙ රජවෙන්නෙ කොහොම ද

එවන් රජ වෙස්මුහුණු නො ගැලවී පවතින්නේ කොහොම ද

කොළොම් තොට සටන් මැද එවන් හඬ නෑසෙන්නෙ කොහොම ද

  • මංජුල වෙඩිවර්ධන

2022 පාස්කු දා

(2019 පාස්කු ඉරුදින මඩකලපුවේ සියොන් දෙව් මැදුර තුළ ‘බල කුමන්ත්‍රණ බෝම්බය’ පුපුරා යෑමට නිමේෂයකට කලින් මේ කුඩා මල් කැකුළු දෙවියන්ට ගීතිකා ගයමින් සිටි අයුරු)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නයිජීරියාවේදී පැහැර ගත් සිසුන් 300න් 50ක් පැන ගිහින්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නයිජීරියාවේ කතෝලික පාසලකින්...

මොහොතක සැනසිල්ල වෙනුවෙන් පලස්තීන කලාකරුවන් වෙරළ තීරයේ වැලි මූර්ති නිර්මාණය කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල යුද්ධයෙන් බේරීම...

අධික වර්ෂාවත් සමඟ ඇල්ල කුඹල්වෙල ආඬිගල නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW : අද (23) පස්වරුවේ...

පොහොර වටේටම යොදා එක් කොරටුවක පමණක් අස්වනු නෙලන ක්‍රිකට්

නිශ්මං රණසිංහ නොවැම්බර් 23, කොළඹ LNW: දසුන් ශානක පළමු තරගය...