මෙදා අවුරුද්ද ජනතාවට වෙන කවදාටත් වඩා සරුයි. අපේ ගමේ ගොවියෙක් වෑන් එකකුත් ගත්තා – ඇමති නාමල්

Date:

මෙවර සිංහල – දෙමළ අවුරුද්ද වෙන කවදාවත් නොමැති තරම් ඉහළින් ජනතාව සැමරූ බවත් ජනතාවගේ අතමිට සරුවී තිබුණු බවත් තමන් ජීවත් වන ගම්මානයේ පමණක් ගොවීන් දෙදෙදෙනෙකු වී සහ නෝකෝල් ආදී එළවලු විකිණීමෙන් ලද මුදලින් ට්‍රැක්ටරයක් සහ වෑන් රථයක් මිලදී ගත් බවත් කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

“මේ සිංහල – දෙමළ අලුත් අවුරුද්ද ගත්තාම වෙන කවදාවත් නැති විදියට ජනතාව ඉතා සාමකාමීව, බොහොම සන්තෝසයෙන් මේ අවුරුද්ද සමරුවායි කියන එකට අදාළ සාධක තියෙනවා. ව්‍යාපාරික ප්‍රජාවගේ පැත්තෙන් ගත්තාම ඒ අය කියන්නේ මේ සැරේ හොඳට බිස්නස් තිබුණා කියලා. කඩ සාප්පු පසුගිය දවස්වල පිරිලා, නගර පිරිලා. රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිවුණා. ඊළඟට ගොවි ජනතාවට වීවලට හොඳ මිලක් ලැබුණා. බඩ ඉරිඟුවලට හොඳ මිලක් ලැබුණා. දැන් මම මේ ජීවත්වෙන ප්‍රදේශය ගත්තොත් එහෙම, මගේ ගමේ විතරක් ගොවියො එක්කෙනෙක් ට්‍රැක්ටරයක් ගෙනාවා, තව එක ගොවියෙක් වෑන් එකක් ගෙනාවා, ඒ ගෙනාවෙ තමුන්ගෙ අස්වනු විකුණලා. නෝකෝල් ආදී එළවලු විකුණලා”

නාමල් කරුණාරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (අප්‍රේල් 16) පොල්පිතිගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාව ඉදිරියේ පළමු පරාජය ලබයි – පොදු වැරදි ප්‍රධාන හේතුවයි

නිශ්මං රණසිංහ ජුනි 30, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු යොවුන්...

අලි ප්‍රශ්නය විසදන්න අලි වැටත් එක්කම අලි කොරිඩෝවක්!

කොළඹ LNW:අලි ගම්වැදීම වැලැක්වීම වෙනුවෙන් මාදුරු ඔය වන උද්‍යානයේ...