මේ ආණ්ඩුවට වැඩ බැහැ. දන්නේ පොරොන්දු දෙන්නයි, ප්‍රකාශ නිකුත් කරන්නයි විතරයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වර්තමාන දේශපාලනය තුළ බොහෝ දෙනා ප්‍රකාශිත දේශපාලනය සහ ක්‍රියාත්මක දේශපාලනය අතර වෙනස අවබෝධ කර ගෙන නොමැති බවත් දේශපාලන වේදිකාවේ පොරොන්දු දීම, ප්‍රකාශන නිකුත් කිරිම, නිවේදන නිකුත් කිරිම සිදු කළත් ඒවා කොතෙක් දුරට ක්‍රියාත්මක වන්නේ ද කියා ගැටලුවක් මතුවන බවත් විදුලි බිල පවා තුනෙන් එකකින් අඩු කරනවා කිව්වත් අවසානයේ ජනතාවගේ බලපෑම මත එය අඩු කළ බවත් ඉන්ධන මිල අඩු කරනවා කිව්වත් එය ද සිදු නොවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද වන විට ඇත්තේ ජනතා විරෝධී ආණ්ඩුවක් බවත් පාසල් උපකරණවලට අත්‍යාවශ්‍ය භාණ්ඩවලට වැට් බදු ගසා ඇති නිසා ඒවායේ මිල ඉහළටම ගොස් ඇති බවත් ලුණු ටිකවත් හරියට සපයන්නවත් බැරි රජයක් ජනතාවට සෙත සලසන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් මේ රජයට දුප්පත්කම තුරන් කර ආර්ථික වර්ධනය කර රට දියුණු කරන්නේ කෙසේද කියා ගැටලුවක් මතුව ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා මේ ආණ්ඩුව රටත් ජනතාවත් රවටන පච ආණ්ඩුවක් බවත් මොවුන් බොරු කීමෙන් මුසාවෙන් මුලාවෙන් ජනතාව ඇන්දවූ ආණ්ඩුවක් බවත් සඳහන් කළේය.

සූර්ය බලය, ජල බලය, සුළං බලය ආදී අඩුම පිරිවැයක් වැයවන පුනර්ජනනීය බලශක්තියට මේ රජය කරන හානිය අතිමහත් බවත් මොවුන් විපක්ෂයේ සිටින විට පුනර්ජනනීය බලශක්තියට මුල්තැන ලබා දෙනවා කියා කියමින් බලය ලබා ගෙන ඩීසල් මාෆියාවේ සිරිකරුවන් බවට පත්ව ඇති බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයම පුනර්ජනනීය බලශක්තිය විනාශ කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මීගමුව ආසන්නයේ, කොච්චිකඩේ කොට්ඨාසයේ පැවැති ජන හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Shefali Jariwalaගේ හදිසි වියෝවට හේතුව හෙළිවෙයි !

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : පසුගිය සිකුරාදා (27)...

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව නඩු!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : රජයට අයවිය යුතු...

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...