*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

(VIDEO):සජිත්ට බැහැ. මගේ සහය ජනාධිපති රනිල්ට!

කොළඹ LNW:ඉදිරි මැතිවරණවලදී තමන්ගේ සහය හිමිවන්නේ රට ගොඩගත හැකි නායකයෙකුට වන අතර දැනටමත් පෙනෙන්නට තිබෙන පරිදි එය සිදුකළ හැක්කේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වන හෙයින් තමන්ගේ සහය ඔහුට ලබාදෙන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.

රට මුහුණ දුන් ආර්ථික ව්‍යසනයත් සමඟ අද පවතින තැනට රට ගෙනාවේ රනිල් වික්‍රමසිංහ මහතා බවයි ඇය සඳහන් කරන්නේ.

තමන් විශ්වාස කරන පරිදි එතුමා නැවත වරක් මේ රටේ ජනාධිපති විය යුතු යැයිද ගමගේ මහත්මිය කියාසිටියි.

මේ අතර සමඟි බලවේගය සමඟ ඉදිරි ගමනක් නොහැකි බවයි ඇය තවදුරටත් සඳහන් කරන්නේ.

එමෙන්ම ජාතික ජන බලවේගය සමගද රටේ අනාගතයක් නොදකින බවත් රාජ්‍ය අමාත්‍යවරිය තවදුරටත් ප්‍රකාශ කරයි.

ඇය මෙම අදහස් පළකළේ සිංහල දෙමළ අළුත් අවුරුදු නිවාඩුවෙන් පසු යළි අමාත්‍යාංශයේ රාජකාරී ආරම්භ කරමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan