*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

සිංහල සිනමා වංශකතාවේ තුන්කල් දුටු ප්‍රාඥායා ‘ ආචාර්ය තිස්ස අබේසේකර මතකාවර්ජන

හෙළ සිනමාවේ බිහිවූ විශිෂ්ඨ ගනයේ තිර රචකයෙක්, ප්‍රතිභා පුර්ණ අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම සිංහල සිනමාවේ දැවැන්ත චරිතයක් වන ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ 15වන ගුණානුස්මරණය අද දිනට එනම් අප්‍රේල් මස 18 වන දිනට දී තිබේ. මේ එතුමන් පිළිබඳව කෙරෙන ගෞරව පුර්වක මතක ආවර්ජනයකි.

ආචාර්ය තිස්ස අබේසේකර සිනමාව තුළ බහුවිධ ක්ෂේත්‍ර අරඹයා ප්‍රාමාණිකයෙකු විය. ඔහු සාහිත්‍යමය තිර රචනයේ විශිෂ්ටයකු වුවා පමණක් නොව චිත්‍රපට අධ්‍යක්ෂණය තුළ කෘතහස්ත නිර්මාණවේදියකු විය. එමෙන් ම රංගනය තුළ ප්‍රතිභාසම්පන්න රංගවේදියෙකු විය. මෙකී විවිධ ක්ෂේත්‍රයන් අළලා ඔහු ප්‍රදර්ශනය කරනු ලැබුවේ වෘත්තීමය නිපුණත්වයකි. එය එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ නිර්මාණකරුවකුගෙන් හඳුනාගත නොහැකි විරල ලක්ෂණයකි.

1939 මැයි 07 වැනිදා උපන් තිස්ස ආනන්ද ද ෆොන්සේකා හෙවත් තිස්ස අබේසේකර වයස අවුරුදු 11 පමණ වන තෙක්ම කිසියම් රෝගී තත්වයක් හේතුවෙන් නිවසේ ම සිටීමට සිදු විය. එම අවධියේ ඔහුගේ පියා ආතර් සොලමන් ද ෆොන්සේකා ගෙදරට ගුරුවරුන් ගෙන්වීමෙන්ද, නුගේගොඩ පෞද්ගලික ඇකඩමියක් මඟින් ද තිස්සට අකුරු කරවූ බව කියැවේ. පසුව පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලත් තිස්ස අබේසේකරයන් ඉතා ව්‍යක්ත ලෙස සිංහල හා ඉංග්‍රිසි භාෂාවන් වැසිරවීමට දක්ෂ විය. පසුකාලීනව කොළඹ විශ්වවිද්‍යාලය මගින් ඔහු වෙත සාහිත්‍යසූරී ගෞරව ආචාර්ය උපාධිය පිරිනැමිණ. එතැන් පටන් ඔහු ආචාර්ය තිස්ස අබේසේකරනම් විය.

ආචාර්ය තිස්ස අබේසේකරයන් ගේ සිනමා ප්‍රගමනය සිදු වන්නේ ආචාරිය ලෙස්ටර් ‌ජේමිස් පීරිස්ගේ ‘ගම්පෙරළය’ සිනමා නිර්මාණයේ අමතර තිර පිටපත් රචකයෙකු වශයෙනි. තිර පිටපත් රචනය හුදෙක් සිනමා කරුවෙකුට සපයන රූප කලාවක් පමණක් ම නො වන අතර තිර රචනය සාර්ථක වීමට නම් සිතිවිලි රුප ඔහු විසින් රූපමය ආකෘතියකට ගොනු කළ යුතුය. ඒ සඳහා සිනමා රූප බස හා සෞන්දර්යාත්මක හැඩතල පිළිබඳ අවබෝධයට අමතරව පුළුල් ජීවිත පරිඥානයක් ද බුහුටි අයුරින් කතා කලාව හැසිරවීමේ ශක්‍යතාවක් ද අත්‍යවශ්‍යය. එකී බහුවිධ ශක්‍යතාවයකින් සියල්ල තිස්ස අබේසේකරයන් සතු විය.

එදා ආචාර්ය ලෙස්ටර් සමඟ ඇරඹී ගමන හරහා සිනමා නිර්මාණ 29ක් දක්වා යාමට තිස්ස අබේසේකරයන්ට දිශා දර්ශක සැපයිය.

ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා වරක් ප්‍රකාශ කළේ, තිස්ස නමැති තීක්ෂණ සිසුවා ‘සන්දේශය’ සිනමාපටය පිළිබඳව එඩිතරව කළ නිර්දය විචාරය නොවන්නට ලෝක සිනමා සංකේතයක්වූ ‘නිධානය’බිහිනොවන බවයි. නිධානය(1972) සිනමා නිර්මාණයෙහි ද තිර නාටකය රචනා කරනු ලැබුවේ තිස්ස අබේසේකරයි. ඔහු ප්‍රරශස්ත රචකයකුගේ විලාසය ප්‍රකට කරන්නේ මුල් අදියරේ සිටම ආචාර්ය ලෙස්ටර්ගේ මතයයි.

ඔහු විසින් තිර රචනයෙන් සම්බන්ධ නිර්මාණ අතර ගම්පෙරළිය (1963) දෙලොවක් අතර ( 1966) බිනරමලී (1969) අක්කර පහ(1970) වීර පුරන් අප්පු (1978) පොඩි මල්ලී(1979) ගඟ අද්දර (1980) මායා (1984) කුලගෙය (1982) ගුරුගෙදර (1993) ලොකු දුව (1996) උප්පලවන්නා (2007) කුසපබා (2012) අතිශයින්ම ප්‍රේක්ෂක සම්භාවනාවට පාත්‍ර විය.

මීට අමතරව ඔහු විසින් චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වූ නිර්මාණ ත්‍රිත්වයකි. එනම් කරුමක්කාරයෝ (1980) මහගෙදර(1982) විරාගය (1987) අතිශය වැදගත්ය.

සිංහල සිනමා වංශාවලිය තුළ විරාගය යනු මෙරට සිහිවටනාත්මක චිත්‍රපටය විය.

චරිතවල මනෝභාවයන් හා හැසිරීම් රටාවන් හඳුනා ගැනීමේ හැකියාවෙන් ඔහු සිනමාවේ කිසිවෙකුට දෙවන වූයේ නැත. සිය පරිකල්පනීය ශක්‍යතාවය හේතුවෙන් ඔහුගේ නිර්මාණ අදටත් සිනමා වංශය තුළ අමරණීය නිර්මාණ ලෙස හඳුනාගත හැකිය.

තිර රචනයෙන් තොර තිස්ස අබේසේකර කෙනෙකු නැතුවා මෙන්ම ඔහුගෙන් තොර තිර රචනයක් ද සාකච්ජා කළ නොහැක. එතරම්ම තිස්ස අබේසේකරයන් සමඟ තිර රචනය අත්‍යන්තයෙන් බැඳී පවතියි. විවිධ දේශීය, විදේශීය සාහිත්‍ය ධාරාවන් ඇසුරිනේ ලත් පෝෂණය, විවිධ කලාවන් ඇසුරේ ලත් දැනුම හා ශික්ෂණය, ඔහුට ප්‍රශස්ත නිර්මාණ බිහි කිරීමට හේතු වූවා විය හැකි අතර එහි ප්‍රතිඵලයක් ලෙස සිංහල සිනමාවේ අඩසියවසක සිනමාවේදීන් අතර විශිෂ්ටතමයන් දස දෙනා අතර සිටිමට ද අබේසේකරයන් භාග්‍ය සම්පන්න විය.

තිර රචකයෙකු අධ්‍යක්ෂකවරයෙකුට අමතරව තිස්ස අබේසේකරයන් තුළ ගැබ්ව පැවැතියේ මහා රංග පෞරුෂයකි.

ඔහු විසින් රංගනයෙන් දායක වන ලද නිර්මාණ සංඛ්‍යාව අතළොස්සක් වුදව ඒතුළ ඔහු අවස්ථා ගණාවකදී සම්මානයට පවා පාත්‍ර වීමට කුසලතා සම්පන්න විය. ආචාර්ය ලෙස්ටර ජේමිස් පීරිස් ශූරීන්ගේ වීර පුරන් අප්පු චිත්‍රපටයේ කුඩහපොළ හාමුදුරුවන්ගේ චරිතය මිනිත්තු පහක් තුළ රංගනය යෙදීම හේතුවෙන් 1978 වසරේ හොදම සහය නළුවාට හිමි ජනාධිපති සම්මානය හිමිකර ගැනීමට ඔහු සමත් විය.

1984 වසරේ එස්.ඒ. ප්‍රේමරත්න නිර්මාණය කළ පරසතුහි කළ චරිත නිරුපනය මෙන් ම 1985 වසරේ තිරගත වූ සරත් ගුණරත්නගේ ‘වත්සලා අක්කා’ සිනමා කෘතියේ ධනුක සේනාරත්න‌ගේ චරිතයද මෙහිලා සඳහන් කරණු වටියි.

සිංහල සිනමාවේ බොහෝ විචාරක බුද්ධිමතුන් සිංහල සිනමාවේ විශ්මය තිස්ස අබේසේකර බව හඳුන්වයි.

සිය නිර්මාණ ජීවිතය තුළ ඔහු අවස්ථා ගණනාවක දී ජනාධිපති හා සරසවි සම්මානයට පාත්‍ර විය. ඔහු විසින් දිනා ගන්නා ලද ජනාධිපති සම්මාන 1978 වසරේ වීර පුරන් අප්පු චිත්‍රපටයේ හොඳම සහය නළුවාට හිමි ජනාධිපති සම්මානය හිමි විය. මීට අමතරව හොඳම තිර රචනය වෙනුවෙන් 1978 අහසින් පොළවට චිත්‍රපටය සඳහා ද 1980 ගඟ අද්දර චිත්‍රපටය සඳහා ද1982 මහ ගෙදර චිත්‍රපටය සඳහා ද 1996 ලොකු දුව චිත්‍රපටය සඳහා ද හිමිකර ගන්නා ලදි.

මීට අමතරව හෙතෙම අවස්ථා රැසකදී සරසවි සම්මානයට පාත්‍ර විය. එනම් 1970 වසරේ හොඳම තිර රචනය වෙනුවෙන් බිනරමලී චිත්‍රපටය සඳහා ද 1983 වසරේ මහ ගෙදර චිත්‍රපටයේ හොඳම අධීක්ෂණය වෙනුවෙන් ද 1988 වසරේ විරාගය චිත්‍රපටයේ හොඳම අධ්‍යක්ෂණය හා තිර රචනය වෙනුවෙන් ද 1993 වසරේ කුලගෙදර චිත්‍රපටයේ හොඳම තිර රචනය වෙනුවෙන් ද 1994 වසරේ ගුරු ගෙදර චිත්‍රපටයේ හොඳම තිර රචනය වෙනුවෙන් ද තිස්ස අබේසේකරයන් සරසවි සම්මානයට පාත්‍ර විය.

මොහු විසින් රජයේ චිත්‍රපට අංශය වෙනුවෙන් අධ්‍යක්ෂණය කර ඇති වෘත්තාන්ත චිත්‍රපට සංඛාව 40 පමණ වන බව කියැවේ. මීට අමතරව 1999 සිට 2001 දක්වා ඔහු ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතීත්වය ද දැරීය.

නාට්‍ය නිර්මාණ ක්ෂේත්‍රය තුළ ”පිටගංකාරයෝ ”නාට්‍ය නිර්මාණය කර අධීක්ෂණය කරන්නට යෙදුනේ තිස්ස අබේසේකරයි. මෙහිදී ඔහු ඇවිද ගිය මඟ දෙපස ජීවිතයේ විවිධ අවස්ථාවන් අතැඹුලක් සේ එහි රූප තල හරහා ප්‍රේක්ෂකයාට සමීප කිරීමට ඔහු සමත් වේ.

කවියකුගේ ආත්මීය හඩ කියවීම පහසු නැත. එමෙන් ම තිස්ස අබේසේකරයන්ගේ ගේය පද රචනාවන් පිළිබඳ විවරණ කිරීමද පහසු නැත.

ඔුහුගේ හැඟීම්වල දැනීම්වල අකුරු ඇත්තේ එහිය. ආදරයේද, ප්‍රේමයේද, ශෘංගාරයේද කම්පන ඇත්තේ එහිය. ”වත්සලා අක්කා” චිත්‍රපටය 1985 වෙනුවෙන් තිස්ස අබේසේකරයන්ගේ ගේය පද රචනාව ”සඳ මෝරා උඩු ගුවනට” මාලනී බුලත්සිංහල විසින් ගයන විට අපද ඒ හා ඒකාත්මික වන්නෙමු. එය වේදනාවක්ද, ශෝකයක් ද, ශෘංගාරයක් ද බෙදා වෙන්කර ගත නොහැකි මුත් භාවයන් කම්පනය කරන එකී රස අප විඳින්නෙමු.

ඉකිලන හදින් තනි යහනේ ඉන්න විට
හැමටම වඩා මා ගැන දුක හිතෙයි මට
…..’

මිට අමතරව තිස්ස අපෙසේකරයන් නිර්මාණශීලී සාහිත්‍යකරුවකු ද වන අතර සිංහල කෙටිකතා සංග්‍රහයක් සහ ගීත සමුච්චයක් ද ඔහුගේ නිර්මාණ අතර වේ. ඉංශ්‍රීසි භාෂාවෙන් සාහිත්‍ය කෘති පළ කළ එතුමන් (Bringing Tony Home) “ටෝනී නිවසට ගෙන ඒම” ප්‍රබන්ධය සඳහා ග්‍රේෂන් සම්මානය හිමි කර ගැනීමට ද සමත් වී තිබේ.

මන්ද විචාර බුද්ධියක්වත් නැති නිකමුන් මහා කලා නිධාන බවට පත් වූ රටක තිස්ස අබේසේකර යනු මහා කළා ගාරයකි. නමුත් ඒ පිළිබඳව ලිවිම කියවීම හා හැදෑරීම සම්බන්ධයෙන් යම් රික්තයක් ඇති වග පෙනේ. තිස්ස අබේසේකරයන්ගේ කලාව, සිනමාව, සංගීතය, වේදිකාව මතු නොව දේශපාලනය දෙස බැලීමේදී පවා කෙතරම් විශ්වීය ශුද්ධ දැනුම් බලාගාරයක්ද යන්න අපට පෙනේ, මෙවන් සුවිශිෂ්ඨ චරිතයන් දකින විට මෙවන් චරිත දරා ගැනීමට අප රට කුඩා වැඩි දැයි සිතෙන තරම්ය. මෙවන් වූ ලිපි මාලාවන් හරහා LNW අප බලාපොරොත්තු වන්නේද මෙවන් ප්‍රතාපවත් චරිතයන්ගේ ඒ අමතකව යන මතක නැවත නැවත ආවර්ජන කිරීමටයි.

සටහන : සශිකලා මධුෂාණි

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan