Wednesday, November 29, 2023
spot_img

Latest Posts

ගෝල්ෆේස් විරෝධතාවට එරෙහිව අධිකරණ නියෝගයක් ගැනීමේ සූදානමක් …

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට විරෝධය පළකරමින් ගෝල්ෆේස් පිටිය අසල දින 10ක් තිස්සේ ජනතාව විසින් අඛණ්ඩව පවත්වාගෙන එන විරෝධතාවට එරෙහිව අධිකරණ වාරණ නියෝගයක් ලබාගැනීමේ උත්සාහයක් පවතින බව වාර්තා වේ.

විරෝධතාකරුවන් විසින් පසුගිය අප්‍රේල් 09 වනදා සිට අඛණ්ඩවම මේ දක්වා ජනාධිපති කාර්යාලයෙහි පිවිසුම් මාර්ගය අවහිර කරගෙන සිටින බැවින් එම ප්‍රවේශ මාර්ගය යළි විවෘත කරගැනීම සඳහා අරගලකරුවන්ට එරෙහිව වාරණ නියෝගයක් ගැනීමට කොටුව පොලීසිය බලාපොරොත්තුවෙන් සිටින බවයි ආරංචිමාර්ග පැවසුවේ.

කොටුව පොලිසිය මෙම වාරණ නියෝගය ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින්නේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වන අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වශයෙන් කටයුතු කරන්නේ මීට පෙර මහත් ආන්දෝලනයකට ලක්වූ විනිසුරුවරයෙකු වන තිළිණ ගමගේ මහතා ය.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.