අවංක,පිරිසිදු පාලනයකට කැපවෙන්න -ජනපති නව ඇමතිවරුන්ගෙන් ඉල්ලයි

Date:

ජ්‍යෙෂ්ඨත්වය පිළිබඳ නොසලකා නව ඇමතිවරුන් පත්කර තිබෙන අතර ඇමතිවරු වුවත් කිසිදු අමතර වරප්‍රසාදයක් නොගෙන කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලීමක් කළේය.

ඒ, අද (18) නව කැබිනට් අමතවරු 17 දෙන දිවුරුම් දුන් අවස්ථාවේ ඔවුන් අමතමිනි.

අවංකව,කාර්යක්ෂමව,පිරිසිදු පාලනයකට කැපවෙන ලෙසද එහිදී ජනාධිපතිවරයා පවසා ඇත.

”ජ්‍යෙෂ්ඨත්වය සලකන්නේ නැතුව නව ඇමතිවරුන් පත්කරලා තිබෙනවා. ඇමති තනතුරු වරප්‍රසාදයක් නෙවෙයි. ඒක විශාල වගකීමක්.මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා කිසිදු අමතර වරප්‍රසාදයක් ඇමතිවරයෙක් කියල පාවිච්චි කරන්න එපා. මම තමුන්නාන්සේලාගෙන් බලාපොරොත්තු වෙන්නේ අවංකව,කාර්යක්ෂමව,පිරිසිදු පාලනයකට කැපවෙන්න කියල. ඒ වගේම ඔබ යටතේ ඇති ආයතන දූෂණයෙන් තොර ජනතා සේවයට කැපවුණු ආයතන බවට පත්කරන්නට කියල. අද රාජ්‍ය ආයතන බොහොමයක් පවතින්නේ බරපතල මූල්‍ය අර්බුද තත්ත්වයක. ඒවා නිවැරදි කර ගැනීම ඉතාමත්ම අවශ්‍යයි. අද පවතින මේ අර්බුදය ඒ ජනතාව ඉල්ලපු සිස්ටම් චේන්ජ් එක කරන්න හොඳ අවස්ථාවක්. තමුන්නාන්සේලාට ඒ අවස්ථාව ලැබිල තියෙනවා. ඒ එක්කම මම ඉල්ලා සිටිනවා මේ තරුණයින්ගෙන් එයට උපකාර කරන්න කියල.” යනුවෙන් එහිදී ජනාධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

මෙහිදී අගමැතිවරයාගේ,මුදල් අමාත්‍යවරයාගේ සහ විදේශ කටයුතු අමාත්‍යවරයාගේ වෙනසක් සිදු නොකළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...