සිපෙට්කෝ තෙල් මිලත් වැඩි වුණොත් බස් ගාස්තු තව දෙගුණයකින් වැඩි වන ලකුණු!(VIDEO)

Date:

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ද ඉන්ධන මිල ඉහළ ගිය ගොත් බස් ගාස්තුවල පූර්ණ සංශෝධනයක් කිරීමට සිදුවනු ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේය.

ඒ, අද (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

ඉන්දියන් ඔයිල් සමාගමේ ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව සිපෙට්කෝ ඉන්ධන මිල ද ඉහළ යාමේ අවධානමක් පවතින හෙයින් එලෙස මිල වැඩි වුණහොත් බස් ගාස්තු දෙගුණයකින් පමණ වැඩි වනු ඇති බවයි ඔහු කියා සිටියේ.

මේ අතර දැනට බොහෝ ප්‍රදේශවල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් නොමැති හෙයින් ඉන්දියන් ඔයිල් සමාගමේ පිරවුම්හල් වෙතින් බස් රථ සඳහා ඩීසල් ලබා ගැනීමට සිදුවන අතර එම තත්ත්වය මත අදාළ ප්‍රදේශවල බස් ගාස්තු සංශෝධනය වනු ඇති බවද ගැමුණු විජේරත්න මහතා කියාසිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නඩු පිට නඩු වැටුණු කෙහෙළිය පවුල:තවත් නඩු දෙකකට අධි චෝදනා!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල,...

Close Up Photographer Of The Year මෙවරත් සමීප ඡායාරූපකරණයට නවමු මුහුණුවරක් එක් කරමින්!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW): සොබාදහමේ සැඟවුණු සුන්දරත්වය සමීපව...

බැංකු හා මූල්‍ය ආයතන අසාධාරණ ලෙස පොලී අයකරනවාද? එහෙනම් මෙහෙම කරන්න

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...