*
Saturday, April 19, 2025
spot_img

Latest Posts

e කොළම : අශෝක ජයතුංග

🍎රනිල් අගමැති කර හෝ යන ගමන……?

🍎21 ට පෙර ජනපති අනුර එළිකරන පාස්කු මහමොළකරු…..?

🍎අවුරුදු සැමරුමට පිටුපා දෙමළ මුස්ලිම් උත්සව සැමරීම…..?

🍎රටට විපක්ෂයක් තැනීමේ සමාජ මාධ්‍ය මැදහත්වීම….?

🍎ආණ්ඩුවේ පළමු ව්‍යාපෘතිය ක්ලීන් ශ්‍රී ලංකා මියයාම..?

🍎සත්ව සංඝනනයෙන් ඔබ්බට කරන්නේ කුමක්ද..?

🍎නාමල් හා දිලිත් ගේ වේගවත් ගමන…. .?

🍎හාල් මෙන්ම විදුලි මාෆියාවටත් යටවීම….?

🍎නැගෙනහිර මෙන්ම ඝාතනයවූ කොළඔ හා මොරටුව උපකුලපතිලා ගැනත් සොයනවාද..?

🍎දඔුල්ලේදී ඉන්දියාව ඇන්දවීම…..?

🍎ට්‍රම්ප් ගේ බදු සහන වලින් ලංකාව ගිළිහීම හා දින 90 ඇතුලේ කතාව…..?

🍎මාළිමාව නොදිනන ඒවාට සල්ලි නොදී ඉන්න මේක එයාලගෙ  බුදලයක්ද.?

🍎එදා කොමිස් නිසා හිරවූ ආයෝජන අදත් හිරවීම….?

 ජනපති  පත්වී මාස 07 කි.  පළමු ව්‍යාපෘතිය ක්ලීන් ශ්‍රී ලංකා ය. වාහන වල කෑලි ගැලවීම හැර සාධනීය කටයුත්තක් නොතිබූ නිසා නැගුන විරෝධතා මත එය මාස 03කට අකුලා ගැණින. මාස 03 ඉවර වුයේ අප්‍රේල් මුලය. රටෙන්ම ප්‍රතිඥා ලබාගෙන ඇරඹු “ක්ලීන් එක ඩර්ටි වී” ආගිය අතක් නැතිවුයේ එලෙසය.

 සත්ව සංඝනනය සිදු කළේ  මුදල් ද යට කරමිනි. එහි ප්‍රතිළුල හෝ අවසන් තීන්දුව ගැන දැන් සද්ද නැත. රිලව් දුපතක කොටුකරන බව කියවින. පසුගිය ආණ්ඩු ඒවා අත්හදා බැලූ බව එළිවීමත් සමග  වටේට විදුලි වැටක් ගහන බව කී නළු මන්ත්‍රී ද ආගිය අතක් නැත.

 අවුරුදු සැමරීම රාජ්‍ය නායකයාගේ වගකීමක් බවට විග්‍රහ වුවද මාළිමාව හා ඔවුන්ගේ මතය එකහෙළා පිළිගන්නා දායකයන් කීවේ ඒවා ගෝත්‍රික වැඩ බවය. ජනපතිගේ පෞද්ගලිකත්වයට අදාළ කරුණු ද සමාජ මාධ්‍ය වල සැරිසැරුව ද ඔහු හා පවුල සාම්ප්‍රධායට පාපහර දීම  සිංහල බෞද්ධයාගේ සිත් පෑරුවාට සැක නැත.තවද දෙමළ මුස්ලිම් හා කතෝලික උත්සව ජනපති බැහැර නොකල බවට නැගෙන චෝදනාව  ද බරපතල ය.

මාළිමාව පත්වූ පසු හොරකම් නැත යන අදහස ලියලා තිබේ. එහෙත් පරීක්ෂා නොකළ  කන්ටේනර් 323 හි තිබුණේ මොනවාදැයි  එළිනොකිරීම හා හාල් ටෙන්ඩර් 04 පාරක් වැරදුනේ ඇයිදැයි නොදනිමු. තවද කලින් ආණ්ඩු වල හිටියේ පට්ට හොරු බව කී නිසා සිල්ලර හොරු රිමාන්ඩ් කිරීම් වලට එහා ගිය සැබෑ හොරුන්ට දඩුවම් දීම මිස ගැලරි කතා වලින්  ජනතාව සෑහීමකට පත්වන්නේ නැත.

මේ ආණ්ඩුව කරන වැඩක් නොපෙනෙන බව කියන අය එමටය. තවද සක්‍රිය විපක්ෂයක් නැති බව ද කියවේ. ආණ්ඩුව ගෙනාවේ සමාජ මාධ්‍ය නම් රටට විපක්ෂයක් ගෙන ඒමේ සමාජ මාධ්‍ය මෙහෙයුමක් සිවිල් ක්‍රියාකාරීන් ඇරඔීම ගැන විපක්ෂය ලැජ්ජා විය යුතුය. ලග එන ඡන්දයෙන් ආණ්ඩුව වාසි යන්නේ නම් ඒ ඔවුන් රටට කල සේවයක් නිසා නොව විපක්ෂයක් හා විකල්පයක් නැතිකමය. 

රනිල් ගේ වැඩ පිළිවෙලම කරගෙන යන බවට ආණ්ඩුවට මල් මෙන්ම ගල් පහරද වදී. රනිල් ආණ්ඩුව ට පහර නොදීම තර්කානුකූලය.ඔහු  ආණ්ඩුවේ රහස් උපදේශකයා බවට සමාජ මතයක් ද ලියලමින් තිබේ.  ආණ්ඩුවේ ප්‍රබලයන් රනිල් වර්ණනා කිරීම තුළ මාළිමාවට ආණ්ඩුව කරගෙන යන්නටම බැරිනම් රනිල් ට අගමැතිකම දී වැඩේ කරවා ගන්නට ඔවුන් ක්‍රියා කලහොත් එය ද පුදුමයට හේතුවක් නොවනු ඇත. ඉන්දියාව සමග ගැසූ ගිවිසුම් වලට රනිල් ගේ පවතින්නේ දැඩි ප්‍රසාදයකි. එහෙත් ආරක්ෂක ගිවිසුම ගැන ඔහු සිටින්නේද අදහසක් නැති ස්ථාවරයකවීම ගැටලුකාරීය. ඒ අතරේ නාමල් හා දිලිත් සූක්ෂමව ඉදිරියට යන ලකුණු පැහැදිලිය. ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය හා මාධ්‍ය මෙහෙයුම් ගැන සජබට ගාණක් නැති තරම්ය.

අප්‍රේල් 21 ට පෙර පාස්කු ප්‍රහාරයේ සැබෑ චූදිතයින් රටට එළිකරන බව ජනපති කියා තිබිණ. පිල්ලෙයාන් එහි බිල්ලදැයි පැහැදිලි නැත. පිල්ලෙයාන් හා කරුණා  අමානුෂික වැඩ හා ඝාතන සිදුකල දෙදෙනෙකි.රනිල් ගේ 2001 සාම ගිවිසුම තුළ ඔවුන් කොටින්ගෙන් කැඩී ප්‍රජාතන්ත්‍රවාදයට පැමිණ හමුදාව හා එක්ව කොටි පරාජය කළේය. පිල්ලෙයාන්ට ප්‍රජාතන්ත්‍රවාදයට පැමිණිය නොහැකි නම් 71 – 88 ජීවිත හා රටේ දේපළ හානි කල ජවිපෙට ප්‍රජාතන්ත්‍රවාදයට එන්නට ලැබුණේ කෙසේදැයි  නොදනිමු. පිල්ලෙයාන් නැගෙනහිර විශ්ව විද්‍යාල උපකුලපති මරා දැමුවා නම් එය සෙවීම අත්‍යවශ්‍යය. එසේම ජවිපෙ විසින් 89 දී කොළඹ හා මොරටුව උපකුලපතිවරුන් වන ස්ටැන්ලි විජේසුන්දර හා සී. පටුවතවිතාන මහාචාර්යවරු ගැන ගත් අමානුෂික තීන්දුව ගැන සෙවීම ද වැදගත් නැතිදැයි සිතා බැලීම වටී.

ට්‍රම්ප් ලංකාව හැර රටවල් 28 කට උපරිම සහන දෙමින් දින 90 ක බදු සහනයෙන් ලොවම කරකවා තිබේ.. ඔහු බියවී එම තීන්දුව ගත් බව සිතීම අඥාණකමකි. නව බදු හරහා ඇමෙරිකාවට සිදුවන අවාසි අධ්‍යනය හා සෙසු රටවල් මීට මුහුණ දීමට ගන්නා පියවරවල් අධ්‍යනයට ට්‍රම්ප් උපාය මාර්ගිකව කල්ගත් බව  විශේෂඥ මතයය. එය සිතින් දරමින් ලංකාව කඩිනම් පියවර වලට යාම වාසිදායක වේ.  ආණ්ඩුවේ බොහෝ දෙනාගේ මොන්ටිසෝරී හා උද්දච්ඡ කතා වලින් සිදුවන ගැටලු අවම කරගන්නට ආණ්ඩුවට විනයක් ඔිනෑ කර තිබේ. නැතහොත් කට නිසා බැටකන ඇමතිලාට යන්නට වෙනම ඒකකයක් CID ය තුළ නිර්මාණය කිරීමට සිදුවනු ඇත.

හාල් මෙන්ම විදුලි මාෆියාව ද සෙලවී නැත. අවුරුදු සමයේ ඔවුන්ගේ තීන්දු ඊට නිදසුනකි.අව්වෙන් ලැබෙන සෝලා විදුලිය පාගා අධික මුදල් වැයකර කොමිස්  ගසාකන විදුලි මාෆියාව පරාජයට ක්‍රියා නොකරන්නේ නම් එය මේ ආණ්ඩුවත් රටට කරනා මහා අපරාදයකි.

එදා ආයෝජන හිරවුණේ කොමිස් නිසා බව කියවින. දැන් බන්ධනාගාර දියුණුවට උදව් කිරීමට ඩුබායි සිට ක්‍රියාත්මක ලාංකික ව්‍යාපාරික රවි වර්මා සමග පැමිණි ජපනුන්ට ඇමතිගෙන් වෙලාවක් නොලැබීමට හේතුව  අපැහැදිලිය. ආචාර්ය හර්ෂ ගේ විග්‍රහය අනුව වැඩ නිම නොකළ දඔුල්ල ශීතාගාරය මෝදි ලවා විවෘත කිරීම ඉන්දියාව ඇන්දීමක්ද.

“මාළිමාව නොදිනන ආයතන වලට සල්ලි නොදෙන බව කියන්නෙ මේක එයාලගෙ බුදලයක්ද. ජවිපෙ දිනපු තිස්සට එදා එහෙම කලාද” වෛද්‍ය රාජිත ඇසුවේ  ප්‍රහාරාත්මකවය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan