අපහාස පරීක්ෂණ : නියෝජ්‍ය ඇමති මහින්දගෙනුත් CIDයට පැමිණිල්ලක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ, තම දියණියගේ උපන් දින සාදය කොළඹ ප්‍රසිද්ධ හෝටලයක පවත්වා ඇති බවට තමන්ගේ ඡායාරූප සහ දියණියගේ ඡායාරූප භාවිතා කරමින් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කර ඇති සාවද්‍ය පුවතකින් තමන්ට, තම පවුලේ අයට සහ තම දේශපාලන පක්ෂයට අපහාසයක් සිදුව ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමිනි.

අදාළ උපන් දින උත්සවය සිය වැඩිමහල් දියණිය විසින් 2023 වසරේ අප්‍රේල් මස 16 වැනි දින ගිරිඋල්ල ප්‍රදේශයේ සංවිධානය කර තිබූ බවත් සිය දියණිය කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියක වන බවත් ඇය පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සිය පැමිණිල්ලෙහි සඳහන් කර ඇත.

එම උත්සවය කොළඹ ප්‍රසිද්ධ හෝටලයක මෑතකදී පැවැත්වූ බවට සමාජ මාධ්‍ය තුළ පළකර ඇති ව්‍යාජ පුවත මගින් පූර්ණ කාලීන දේශපාලනයේ නිරත තමාට මෙන්ම තම දේශපාලන ව්‍යාපාරයට බරපතළ අපහාසයක් සිදුවන බවත් නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කර තිබේ.

සිය දියණිය ඇතුළු පවුලේ සාමාජිකයින්ටද මෙම අසත්‍ය පුවත මගින් ද්වේශ සහගතව සහ හිතාමතාම අපහාස කර ඇති බැවින් මේ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් කර ඊට අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ අපරාධ පරීක්ෂණෙ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත්තේ.

ජාතික ජන බලවේගය බලයට පැමිණ ගතවූ මාස හතක කාලය තුළ එම පක්ෂයේ මැති ඇමතිවරුන් ගණනාවක්ම විවිධ සිදුවීම්වලදී තම තමන්ට සිදුවූ අපහාස සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කර තිබෙනු දැකගත හැකිවිය. පොලීසිය භාර මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල, අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර, කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති, බුද්ධ ශාසන ඇමති හිනිදුම සුනිල් සෙනවි, කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ, මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි, මන්ත්‍රී විජයසිරි බස්නායක, මන්ත්‍රීනී කෞශල්‍යා ආරියරත්න, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසූෆ් යනාදීන් ඒ අතර වෙති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...