සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ටොරොන්ටෝ සහ මොන්ට්‍රියෙල් සිට නිව්යෝර්ක්හි ජෝන් එෆ් කෙනඩි ගුවන්තොටුපළ දක්වා ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවන බව එයාර් කැනඩා(Air Canada) නිවේදනය කර තිබේ.
ඉරානය සමඟ එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අඛණ්ඩව පවතින යුද්ධයෙන් පසුව, ජෙට් ඉන්ධන පිරිවැය ඉහළ යාමත් සමඟ මෙම පියවර ගෙන ඇත.
හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කර ඇති බව ඉරානය ඊයේ(17) නිවේදනය කළද, සති ගණනක බාධාවකින් පසුව ඉන්ධන පිරිවැය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
ස්පිරිට් එයාර්ලයින්ස් ඉන්ධන පිරිවැය වැඩිවීමක් පියවා ගැනීම සඳහා එක්සත් ජනපද ෆෙඩරල් රජයෙන් ඩොලර් මිලියන සිය ගණනක හදිසි අරමුදල් ඉල්ලා ඇති බව එයාර් කරන්ට් කර්මාන්ත වෙබ් අඩවිය වාර්තා
ඉරාන ගැටුම ආරම්භ වූ දා සිට ජෙට් ඉන්ධන මිල දෙගුණ වී ඇති අතර, එය අඩු ලාභදායී මාර්ග සහ දැන් ආර්ථික වශයෙන් කළ නොහැකි ගුවන් ගමන් වලට බලපා ඇත

