*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

රුවිනිගෙන් වෙඩිල්ලක්

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් තරග සඳහා සහභාගි වූ රුවිනි අබේමාන්න සිය ජිවිතයෙන් අඩ සියවසක් ගෙවා දැමුවද තවමත් ජාතික මට්ටමේ සිටින හොඳම වෙඩි තැබීමේ ක්‍රිඩිකාවකි.ජයග්‍රහණය ලබන්නියකි.තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මඟ පෙන්වමින් ඔවුන් සමඟම තරග පිටියේ රැඳෙන රුවිනිගේ අවියෙන් නිකුත්වන වෙඩි තරමට ඇය සාමාන්‍ය ජිවිතයේද නිසි ඉලක්කය ගෙන ඇවැසි තැන් වලට වචන වෙඩි පහර එල්ල කරන්නට මැලි නොවන්නියකි.පහතින් දැක්වෙන්නේ ඇය රටේ ක්‍රීඩාව ගැන LNW වෙත තැබූ සටහනකි.

******
ලොව ඕනෑම රටක, මුළු මහත් රටේම ජනතාවට ජාතිය, ආගම , කුලය, වර්ණය, පාට-පක්ෂ භේදය, වෟත්තිමය තත්ත්වය , බාල,මහළු වයස් සිමා මායිම් වලින් භේද බින්න නොවි එකාවන්ව, එකම හඬින්, තම රටේ ජාතික කොඩිය, ජාතික ගිතය , රටේ අභිමානය ගුවන් ගැබ සිසාරා හඬ නගන්නට මාර්ගයක් වේ නම්, ඒ ක්‍රිඩාවම පමණි.

අවාසනාවට, මේ රටේ ක්‍රිඩාවට වගකිවයුතු, නිලතල වගකිම් හොබවන පුද්ගලයන් විසින් ක්‍රිඩාවේ සියළු වරාප්‍රසාද භුක්ති විඳිමින්, ක්‍රිඩාව විනාශය කරාගෙන යෑම, රටේ අභිමානය ජාත්‍යන්තරයෙන් බැහැර කිරිමක් නො⁣වන්නේද?
රටට වටිනාකම් දිනා දුන් ප්‍රවිණයින්ට වෙනත් රටවල් තුල ක්‍රිඩාව නගා සිටුවන්නට, අවස්ථාවන් හා නිසි තැන් ලබා දුන්නද, අපේ රටේ ප්‍රවිණයින් දැකිම, අමාත්‍යාංශ අරක්ගත් නිළධාරින් හා දේශපාලන බලවතුන්ට “නයාට අඳුකොල දැකිමක් ” වැනිය.

ප්‍රවිණයින්ට නිසි තැන් ලබා නොදිමේ, හේතුපාඨකය වනුයේ, අධ්‍යාපන සුදුසුකම් නොතිබිමය
එසේනම්, උසස් අධ්‍යාපන සුදුසුකම්, වෟත්තිමය සුදුසුකම් ලත් මෙන්ම, සියළු දේශපාලන ඟුාණය පිරි, මේ උගත් බුද්ධිමත් නිළධාරි පැලැන්තියට මෙතෙක් මේ රටේ ක්‍රිඩා වපසරිය, රටට ජයග්‍රාහණය ගෙන දිය හැකි ජයග්‍රාහි ක්‍රිඩා ඉසව්, ක්‍රිඩාව අනුව එම ක්‍රිඩාවට අවශ්‍ය අවම පහසුකම්, ක්‍රිඩකයින්ගේ දත්ත වාර්තා, දක්ෂතා අනුව වර්ගිකරනය කරවු ක්‍රමවේද සකස් කොට ක්‍රිඩාව ඉහලට ඔසවා තැබිමට නොහැකි ඇයි.?..

ප්‍රධාන නගර තුලින් බැහැර ඈත පිටිසරයන්හි දක්ෂතා පිරි දරුවන් හඳුනාගැනිම, රැක ගැනිම සහ එම ප්‍රදේශතුල⁣ දරුවන්ට ක්‍රිඩාවන් හදුන්වාදිමේ වැඩ පිලිවෙලවල් කෝ.?..

වෙනත් රටවල මෙන්, ජාත්‍යන්තර පදක්කම්ලාභි ප්‍රවිණයින් රැක ගැනිමේ, ආරක්ෂා කරගැනිමේ ක්‍රමවේද කෝ.?…

ලොව සියළු රටවල් තරග කල, ලොව විශිෂ්ටතම ක්‍රිඩා උළෙ⁣ලෙහිදි, මෙරටට ඔලිම්පික් පදක්කම් දිනා දිම⁣ට හැකි වුයේ, ඩන්කන් වයිට් මහතා සහ සුසන්තිකා ජයසිංහ මහත්මියට පමනි. ඩන්කන් වයිට් මහතා මිය ගොස් ඇති අතර, අවමයෙන්,සුසන්තිකා ජයසිංහයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුලින් ලැබෙන යම් දිමනාවක් හැරෙන්නට, විධිමත් වැටුපක් හෝ දිමනාවක් රටේ වගකිව යුතු පිරිස් වෙතින් මෙතෙක් ලබා දි තිබේද?
ලොව විශිෂ්ටතම තරගාවලිය, ඔලිම්පික් තරගාවලියට 1948 සිට 2020 දක්වා මෙතෙක් මෙරටින් තරඟ කල ඉසව් සංඛ්‍යාව 11ක් පමණක් වන අතර, තරඟ වැදුන සංඛ්‍යාව මෙතෙක් 102දෙදෙනෙක් පමණකි.
ඒ ඉසව් තුලින් බොහෝ දක්ෂතා දැක්වුවන් තම ස්වකිය දක්ෂතා හා නිපුනතාවය, තම පෞද්ගලික ඇප කැපවිම මත, තම පෞද්ගලික ධනයෙන් රටේ අභිමානය ලොවට රැගෙන ගිය ක්‍රිඩක- ක්‍රිඩිකාවන්ය.
නමුත්, එලෙස රටට අභිමානයක්, කිර්තියක් රැගෙන දුන් ඔලිම්පික් ක්‍රිඩක ක්‍රිඩිකාවන් 102 දෙනා තුලින්, ⁣දැනට ජිවත් වෙන්නේ 72 දෙදෙනෙක් පමනි.
එයින්ද 27දෙදෙනෙක් මෙරටින් ,එතෙරට ගොස් ඇත්තේ, තම ජිවිකාව රැක ගැනිමට කිසියම් හෝ රැකියාවක නිරතවිම අත්‍යාවශ්‍ය වු නිසාමය. අනෙක් ඔලිම්පියන්ස්ලා 45 අතරින්ද ජිවිකාව ගෙන යෑමට බොහෝ දුෂ්කරතා විඳින්නන් සිටියද, ඔවුන් ගැන සොයා බලා කටයුතු කිරිමට මෙරට නිසි බලධාරියෙක්, නිළධාරියෙක් නොවිම කණගාටුවට කරුණකි.

හැත්තෑ තුන් ලක්ෂයක් නොමිලේ රජයෙන් වැටුප් දිමනා ලබති. රටට කිසිදු සේවයක් ඉටු නොකලත්, වසර පහක් පාර්ලිමේන්තුව අරක් ගත් මහජන චන්දයෙන් පත් වු දේශපාලකයාටද විශ්‍රාම වැටුපක් ඇත.

සමෘද්ධිලාභියෙකු තරමටවත්,ඔලිම්පික් ක්‍රිඩකයෙකු නොවටින බලධරයන් සිටින රටක, අනාගත ක්‍රිඩා පරපුරකට යන මං තනා දෙන්නට, රටේ වත්මන් නායකයාටවත් හැකිවේද?

සටහන – රුවිනි අබේමාන්න


Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan