2023 ජාතික වෙසක් මංගල්‍යය පුත්තලමේ දී

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ආගමික කටයුතු හා සහජීවනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතනවල කාර්ය භාරය, විෂය පථය, ඉදිරි වැඩපිළිවෙල හා ගැටලු හදුනා ගැනීම මෙහිදී සිදුවිය.

කාරක සභාවට සහභාගී වූ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා ඇතුළු නිලධාරීහු මෙහිදී අදහස් දැක්වූහ. මෙවර ජාතික වෙසක් උත්සවය සියලු ආගම්වල සහය ඇතිව ඒකාබද්ධ වැඩසටහනක් ලෙස පුත්තලම දිස්ත්‍රික්කයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවත් මෙහිදී අනාවරණය විය.

බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ක‍්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල ඉදිරි වැඩපිළිවෙල හා ගැටලු පිළිබඳව මෙහිදී අවධානය යොමුවිය. සියලු ආගම්වලට අදාළව පවතින ගැටලු විසදා ගැනීම, පවතින සංස්කෘතික පරිහානිය වළක්වා ගැනීම ඇතුළු කරුණු කාරණා සදහා අවශ්‍ය නීතිය ශක්තිමත් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

එම ගැටලු විසදා ගැනීම සහ අමාත්‍යාංශයීය වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සදහා අවශ්‍ය කටයුතුවලට මෙම ආංශික අධීක්ෂණ කාරක සභාව සහය දක්වන බවත් අවශ්‍ය නම් අමාත්‍යවරයා ද කාරක සභාවට සම්බන්ධකරගෙන කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් මෙහිදී කාරක සභා සභාපති උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය. ඒ අනුව ‍කාරක සභාව අවධානය යොමුකිරීමට අපේක්ෂා කරන කරුණු පිළිබදව මූලික වැඩසටහනක් සකස් කොට, ඉදිරියේදී කටයුතු කිරීමට මෙහිදී තීරණය විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමිගේ සිවුර ගැලවීමේ නීතිමය තත්ත්වය මෙන්න – බන්ධනාගාරයෙන්ම පහදයි!

කොළඹ LNW:බන්ධනාගාර නීති රෙගුලාසි අනුව වසර තුනකට වැඩි සිරදඬුවම්...

වැලිගම හෝටල් වෙඩිතැබීමේ නඩුව : දේශබන්දු ඇතුළු සැකකරුවන් 08කට එරෙහිව අධි චෝදනා

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : මාතර මහාධිකරණයේදී පැවැත්වුණු...

2027 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත මුදල් නියෝජ්‍ය...

හිටපු අගවිනිසුරු ශිරානිගේ සැමියා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට !

හිටපු අගවිනිසුරු හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන...