*
Monday, May 6, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාවේ රිලවුන් ගේ ගමනාන්තය චීන සත්වෝද්‍යාන ද? චීන්නුන්ගේ පිඟන් ද?

විනිවිද: අහිගුණ්ඨිකයන් අතර පමණක් වැඩිපුර කතාබහට ලක් වූ රිළවුන් සහ වඳූරන් අද අපේ රටේ බහුතරයක් දෙනා කතාබහ කරන ප්‍රධාන මාතෘකාවක් බවට පත් ව තිබේ. ඒ රිළවුන් ලක්ෂයක් චීනයට අපනයනය කිරීමේ සූදානමක් පිළිබඳ කතාබහක් පවතින බැවිනි. රිළවුන් මේ සා ප්‍රමාණයක් චීනයට අපනයනය කරන්නට හේතුව වන්නේ මොවුන් නිසා ශ්‍රී ලංකාවේ ඇතැම් පළාත්වල ජනතාව මහත් කරදරයකට පත් ව ඇති බැවිනි. දැනට දැනගන්නට ලැබී ඇති පරිදි ශ්‍රී ලංකාවේ රිළා ගහනය ලක්ෂ තිහකි. මොවුන් අධික ලෙස ජීවත් වන ප්‍රදේශ ආශ්‍රිතව වගාවන්ට සහ සාමාන්‍ය ජනතාවට විඳීන්නට සිදුව ඇති දුක්ගැහැට අපමණය. මේ කරදරවලින් ගැලවීම සඳහා සාර්ථක පිළියමක් සොයා දීමට රජයටට මෙතෙක් හැකියාවක් ලැබී නැත. මේ නිසා රිළවුන්ට ප්‍රසිද්ධියේ වෙඩි තබා මරාදැමීම සඳහා රජයෙන් අවසර ද ලබා දී තිබේ. අප රටේ රිළවුන් ලක්ෂයක් චීනය ඉල්ලා සිටින්නේ මෙවැනි තත්ත්වයක් අතරේ දී ය. ඔවුන් මේ රිළවුන් ඉල්ලා සිටින්නේ තම සත්වෝද්‍යාන සඳහා බව පවසන නමුත් බොහෝ දෙනෙක් මේ පිළිබඳ සැක පහළ කරති. ඉන්දියාවේ සුප්‍රකට විමර්ශනාත්මක ප්‍රවෘත්ති යූටියුබ් නාලිකාවක් වන Firstpost පවසන්නේ වෙනත් කතාවකි.

ශ්‍රී ලංකාවේ රිළවුන් චීනයට අපනයනය කිරීමේ සූදානම පිළිබඳ මේ යූටියුබ් නාලිකාව පසුගිය 14 වැනිදා Why China Wants Hundreds of Thousands of Sri Lanka’s Monkeys මැයෙන් වීඩියෝවක් නිකුත් කරමින් මහත් ආන්දෝලනාත්මක මතයක් ඉදිරිපත් කරයි. ග්‍රාහකයන් ලක්ෂ දහයකට ආසන්න, යූටියුබ් නැරඹුම් වාර මිලියන 200 ද ඉක්මවා ඇති විමර්ශනාත්මක ප්‍රවෘත්ති යූටියුබ් චැනලයක් මගින් ඉදිරිපත් කරන මේ මතය එකවර ඉවතලිය හැක්කක් නොවේ. සී එන් එන්, වැනි ජාත්‍යන්තර මාධ්‍යවල දස වසරක අත්දැකීමක් ඇති පල්කි ෂර්මා නම් තරුණ මාධ්‍යවේදිනියක විසින් ඉදිරිපත් කොට ඇති වාර්තාව අපට සැකෙවින් මෙසේ පෙළගැස්විය හැකි ය.

ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ පා සිටින ශ්‍රී ලංකාව නැවතත් චීනයත් සමග ව්‍යාපාරික කටයුතු ආරම්භ කරමින් චීනයට රිළවුන් ලක්ෂයක් අපනයනය කිරීමේ සූදානමකින් පසු වෙයි. චීනයේ පවතින සත්වෝද්‍යාන දහසක් සඳහා ශ්‍රී ලංකාවේ රිළවුන් ලක්ෂයක් චීනය විසින් ඉල්ලා තිබීම එක් අතකට විස්මය දනවන ඉල්ලීමකි. කෙසේ නමුත් චීනය ඉල්ලා සිටි පමණින් එය ඉටු කළ හැකි ඉල්ලීමක් බවට පත්ව නැත්තේ පණ ඇති සතුන් අපනයනය කිරීම ශ්‍රී ලංකාවේ නීතියෙන් සම්මත වූවක් නොවන බැවිිනි. එම නීතිය චීනය හමුවේ පමණක් වෙනස් වන්නට ඉඩක් නැත. මේ ගනුදෙනුවේ මූල්‍ය තොරතුරු ද තවමත් අනාවරණය කොට නැත. දැනට දැනගන්නට ලැබී ඇති ප්‍රවෘත්තිය සත්‍ය නම් ශ්‍රී ලංකාවට පමණක් ආවේණික රිළා වර්ග නොබෝ දිනකින් චීන සත්වෝද්‍යාන තුළ දක්නට ලැබෙනු ඇත.

මේ වසර ආරම්භයේ දී ශ්‍රී ලංකා රජය වදවීමේ තර්ජනයට ලක් වූ සත්ත්වයන්ගේ රතු ලැයිස්තුවෙන් මේ රිළා වර්ග ඉවත් කරන්නට කටයුතු කළේ ය. නමුත් ‘සොබාදහම සුරැකීමේ ජාත්‍යන්තර සංගමය’ (International Union for Conservation of Nature – IUCN) ශ්‍රී ලංකා රිළවුන් වදවී යාමේ ලැයිස්තුවට දමා තිබේ. මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවේ රිළවුන්ගේ ගමනාන්තය චීනයේ සත්වෝද්‍යාන ද නැතහොත් චීන වැසියන්ගේ පිඟන් ද යන සැකය පහළ වී තිබේ.

රිළා හෝ වඳූරු මස් යනු සාම්ප්‍රදායික චීන ආහාර වට්ටෝරුවල ඉහළින්ම පවතින ආහාරයකි. රිළා හෝ වඳූරු මස්වල ඖෂධීය ගුණයක් ද පවතින බව චීන වැසියෝ විශ්වාස කරති. රිළවුන්ගේ මොළයෙන් පිළියෙල කරන ආහාර චීනයේ අතිශය ජනප්‍රිය වන අතර එය මිල අධිකය. එවැනි ආහාරයක් ගත හැක්කේ ධනවතුන්ට පමණි. වසර දහස් ගණනක් තිස්සේ චීන ජාතිකයන් රිළා හෝ වඳූරු මස් ආහාරයට ගත් බව තහවුරු කෙරෙන ලේඛන ඕනෑ තරම් සොයා ගත හැකි ය.

Firstpost නාලිකාව මේ පිළිබඳ ඉදිරිපත් කොට ඇති වාර්තාව සැකෙවින් එසේ ය. අල්ලා ගත් සතුන් කෙරෙහි චීනය තුළ සිදුවන අවිධිමත් ක්‍රියාවන් පිළිබඳව තවත් විදෙස් වාර්තාවකින් පෙන්වා දී තිබේ. කොවිඩ්-19 වසංගතය චීනය තුළ ඉතා උත්සන්නව පැවති සමයේ විවිධ අත්හදා බැලීම් සඳහා වූ රිළවුන්ගේ සහ වඳූරන්ගේ හිඟයක් පැවති බව එම වාර්තාවේ සඳහන් ය.

රිළවුන් ලක්ෂයක් එකවර අඩු වීම නිසා වෙනත් පාරිසරික ගැටලු ඇතිවීමේ අවදානමක් ද පවතී. මොවුන්ගේ ආහාර බවට පත්වන කටුස්සන් සහ කුඩා පක්ෂීන්ගේ ගහනය මේ සමග ඉහළ යා හැකිය. එමෙන්ම මේ රිළවුන් සහ වඳූරන්ව ආහාරයට ගන්නා කොටින්, දිවියන් සහ කිඹුලන්ගේ ආහාර සැපයීම එකවර පහළ වැටෙන බැවින් ඔවුන් වෙනත් ආහාර සඳහා යොමු විය හැකිය. එය බොහෝ විට ගෘහාශ්‍රිත සතුන් බවට පත් වීමේ ඉඩකඩ වැඩි ය.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ රිළවුන්ගේ සහ වඳූරන්ගේ කලදවස එතරම් යහපත් නැත. එක්කෝ ඔවුන් අවිනිශ්චිත අනාගතයක් සහිතව චීනයට අපනයනය වනු ඇත. එසේත් නැත්නම් වගාවන්ට සහ සාමාන්‍ය ජන ජීවිතයට ගැටලු ඇති කරන සතුන් සේ සළකා රජය සහ මිනිසුන් විසින් ඔවුන් මරා දැමෙනු ඇත.

නිරංජන් චාමින්ද කරුණාතිලක (විනිවිද)

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan