*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

ලංකාවේ සැබෑ උද්ධමනය අප්‍රේල් වන විට 74%?

පවතින ආර්ථික තත්ත්වය අනුව ශ්‍රී ලංකාව 2022 අප්‍රේල් 15 වන විට සියයට 74 ක උද්ධමනයක් පෙන්නුම් කරන බව එක්සත් ජනපදයේ කීර්තිමත් ආර්ථික විශ්ලේෂකයකු වන මහාචාර්ය ස්ටීව් හැන්කේගේ වාර්ෂික උද්ධමන දර්ශකය (Hanke’s Annual Inflation Index) අනාවරණය කරයි.

ඒ අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය විසින් ඉකුත් මාර්තු මස නිවේදනය කළ සියයට 18.7 ක උද්ධමනයට වඩා අති විශාල උද්ධමන නැග්මක් හැන්කේ උද්ධමන දර්ශකය තුළින් හෙළි කරයි.

ඉකුත් මාර්තු 07 වන දින රුපියල පාවීමට ඉඩහැරීම මත ශ්‍රී ලංකා මුදල් ඒකකයේ වටිනාකම මාසයක කාලයක් තුළ සියයට 60 කට අධික ප්‍රතිශතයකින් පහත වැටුණු අතර, මහ බැංකුව විසින් ඉකුත් අප්‍රේල් 08 වන දින පුරෝකථනය කරනු ලැබුවේ, ගෝලීය වශයෙන් බඩුමිළ ඉහළ යාම, රුසියානු-යුක්රේන යුධ තත්ත්වය සහ රුපියලේ අගය පාවීම මත රට තුළ මිළ ගණන් ධාවනය වන යුගයකට එළඹ ඇති හෙයින් ඉදිරි මාස තුන තුළ නිල උද්ධමනය සියයට 28 ක් වනු ඇති බවයි.

එහෙත්, හැන්කේ උද්ධමන දර්ශකය විසින් පෙන්වා දෙන පරිදි තත්ත්වය ඊට වඩා බොහෝ බරපතල මට්ටමක පවතී.

ඇතැම් ආර්ථික විශ්ලේෂකයන් හැන්කේ උද්ධමන දර්ශකය සමඟ එකඟ වන්නේ නැත. මීට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ, එම දර්ශකය ඩොලර් වලින් උපයන අයෙකුට සාපේක්ෂව රුපියල් වලින් උපයන අයෙකුට භාණ්ඩ මිළදී ගැනීමට ඇති හැකියාව මනින සංකල්පයක් වන මිලදී ගැනීමේ බල සමානාත්මතාවය ලෙස හැඳින්වෙන අදහස මත පදනම් ව තිබීමයි.

භාණ්ඩ හා සේවා මිළෙහි වෙනස්වීම් භාවිතා කරමින් මනිනු ලබන නිල උද්ධමනය පිළිබඳ දර්ශකයක් පුද්ගලයකු සතු යමක් මිල දී ගැනීමට ඇති හැකියාව අහිමි වීම පෙන්නුම් කරන බැවින්, හැන්කේ උද්ධමන දර්ශකය විසින් ශ්‍රී ලංකාවට අදාළව පෙන්වන දත්ත සත්‍ය නොවන බවයි ඔවුන් තර්ක කරන්නේ.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ සංසරණය වන්නේ ශ්‍රී ලංකා රුපියල් මිස ඇමරිකානු ඩොලර් නොවන බැවින් මෙම දර්ශකය ජනතාව නොමඟ හරින සුළු බව ද ඔවුහු තර්ක කරති.

කෙසේවෙතත්, එක්සත් ජනපදයේ මේරිලන්ඩ් හි බැල්ටිමෝර් හි පෞද්ගලික විශ්ව විද්‍යාලයක් වන ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ආර්ථික විශේෂඥයකු වන මහාචාර්ය ස්ටීව් හැන්කේ මහතා, භාණ්ඩ හෝ සේවා මිළදී ගැනීමේදී අවස්ථා පිරිවැය හා වෙනත් සාධක මත මූල්‍ය අර්බුද මතුවන රටවල උද්ධමනය විශ්ලේෂණය කරන පුද්ගලයෙකි.

එමෙන්ම ඔහු නූතන-ශාස්ත්‍රවාදී ආර්ථික විශේෂඥයකු ලෙස ලබා ඇති කීර්තිනාමය තුළ මහ බැංකු වෙනුවට මුදල් මණ්ඩල නම් සංකල්පයට ප්‍රමුඛතාවය දෙන පුද්ගලයෙකි. රටක මුද්‍රණය කරනු ලබන මුදල් ප්‍රමාණය එම රට සතු විදේශ මුදල් සංචිත ප්‍රමාණයට සීමා කරනු ලබන්නේ මුදල් මණ්ඩල විසිනි.

එබැවින් මහාචාර්ය ස්ටීව් හැන්කේ ගේ උද්ධමන දර්ශකය වඩාත් නැඹුරු වන්නේ මුදල් මණ්ඩල නම් සංකල්පයටයි. උද්ධමනය ඉහළ යාමට මුදල් මුද්‍රණය කිරීම සෘජුව බලපාන බවට ඔහු තර්ක කරයි.

මෙම පසුබිම තුළ, හැන්කේ ගේ උද්ධමන දර්ශකය පිළිගැනීමට සූදානම් නැති ආර්ථික විශ්ලේෂකයන් තර්ක කරන්නේ, ශ්‍රී ලංකාව තුළ මුදල් මණ්ඩලයක් ස්ථාපනය කර තිබිය යුතු ය යන උපකල්පනය සිතෙහි තබාගෙන ඔහුගේ උද්ධමන දර්ශකයේ සංඛ්‍යා දත්ත කියවිය යුතු බවයි.

කෙසේවෙතත්, ශ්‍රී ලංකාව සතුව දැනට ප්‍රමාණවත් තරම් විදේශ මුදල් සංචිත නොමැති නිසාත්, ද්‍රවශීලතාව සහ ආර්ථිකය ගොඩනැංවීමට ස්වයං බැංකු පද්ධතියක් ස්ථාපනය කිරීමට මහ බැංකුවට ඇති හැකියාව මෙම සංකල්පය තුළින් සීමා කරන නිසාත් මුදල් මණ්ඩල සංකල්පය පිළිබඳව ශ්‍රී ලංකාවේ ආර්ථික විශේෂඥයන් අතර මතභේදාත්මක තත්ත්වයක් දක්නට ලැබේ.

MIAP

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan