ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ඊයේ රාත්රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් ප්රදේශ රැසක ජනතාව අද (19) උදෑසන සිට මාර්ග අවහිර කරමින් විරෝධතා ආරම්භ කර ඇති බව වාර්තා වේ.
රඹුක්කන ප්රදේශයේ ප්රධාන මාර්ග කිහිපයක්ම අවහිර කරමින් ජනතාව වීදි බැස ඇති අතර ඔවුන් දුම්රිය මාර්ගය ද අවහිර කර ඇති බව සඳහන්.
රත්නපුර නගරයේ ජනතාව ද මේ වනවිට රත්නපුර – කොළඹ ප්රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක් ආරම්භ කර තිබේ.
ගාල්ල – කොළඹ ප්රධාන මාර්ගය අවහිර කරමින් පෞද්ගලික බස් රථ සේවකයින් විසින් ද විරෝධතාවයක් පවත්මින් සිටින අතර මහනුවර – මහියංගනය මාර්ගය ද දිගන ප්රදේශයෙන් අවහිර කරමින් ජනතාව උද්ඝෝෂණයේ නිරත වන බව වාර්තා විය.
එමෙන්ම හලාවත – කොළඹ මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර කරමින් කාකපල්ලිය ප්රදේශයේ ජනතාව ද විරෝධතාවය පළ කරමින් සිටින බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.
RN