මගේ පුංචි පුතු පැටියෝ, අපි හැමදාමත් ඔයාට ආදරෙයි – සුපිරි පාපන්දු තරු ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගේ අලුත උපන් නිවුන් දරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් දෑස් වසා ගනී

Date:

සුපිරි පාපන්දු තරු ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ තම සහකාරිය ජෝර්ජිනා රොඩ්‍රිගස් තමාට අලුත උපන් නිවුන් දරුවන් දෙදෙනාගෙන් එක් අයකුගේ දිවි අහිමි වූ බව නිවේදනය කර තිබේ.

මෙම නිවුන් බිළිඳන් දෙදෙනාගෙන් එක් අයකු පුතකු ද එක් අයකු දියණියක ද වන අතර, මෙසේ දිවි අහිමි වී තිබෙන්නේ පුතුගේ ය.

මේ පිළිබඳ සමාජ මාධ්‍ය සටහනක් තබමින් දෙපළ නිවේදනය කළේ එය දෙමාපියකුට දරාගැනීමට සිදුවන විශාලතම වේදනාව බවයි.

තම පුතුගේ දිවි අහිමි වූ රොනාල්ඩෝ සහ සහකරු ජෝර්ජිනා පවසා සිටියේ මෙම මොහොතේ ජීවිතය පිළිබඳ යම් බලාපොරොත්තුවක් ඇතිකර ගැනීමටත්, සතුටක් පිළිබඳ සේයාවක් හෝ ඇතිවීමටත් ඇති එකම හේතුව තම අලුත උපන් දියණිය බවයි.

එමෙන්ම, මෙම මොහොතේ වෛද්‍ය සේවා හා සහාය ලබා දුන් සියලු වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයන්ට සිය ස්තූතිය පළකර සිටින බව ද දෙපළ සිය නිවේදනයේ වැඩිදුරටත් දක්වා සිටියි.

දිවි අහිමි වූ අලුත උපන් පුතු ද ආමන්ත්‍රණය කරමින් ඔහුට තමා හැමදාමත් ආදරේ කරන බව ද එම සංවේදී සටහනේ රොනාල්ඩෝ – ජෝර්ජිනා දෙපළ සඳහන් කර සිටියි.

මෙම පුවතත් සමඟ ලොව නන් දෙස ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ රසිකයන් සිය ශෝකය පළකර තිබේ.

එමෙන්ම පාපන්දු ක්ෂේත්‍රයේ දැවැන්තයන් වන ඩේවිඩ් ද ගී, ඇලෙක්ස් ටෙලස් වැනි පාපන්දු ශූරීන් ද තම සහයෝගය මෙම මොහොතේ රොනාල්ඩෝ – ජෝර්ජිනා දෙපළට පළකර සිටින බව නිවේදනය කර තිබේ.

මීට අමතරව රොනාල්ඩෝ – ජෝර්ජිනා දෙපළට සිව් හැවිරිදි දියණියක් සිටී. එමෙන්ම රොනාල්ඩෝ ට තවත් දරුවන් තිදෙනෙකු සිටී.

ඡායාරූප: එන්බීසී නිව්ස්

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් ගාස්තු ගැන තීරණයක්?

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : මේ වන විට...

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...