අලුත් කැබිනට්ටුවට එරෙහිව පරණ කැබිනට්ටුවෙන් කැරැල්ලක් !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (18) දිනයේදී පත්කළ නව කැබිනට් මණ්ඩලය සහ එය පත්කළ ආකාරය පැරණි කැබිනට් මණ්ඩලයේ සිටි ඇමතිවරුන්ගේ ඉතාම දැඩි විවේචනයට ලක්ව ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

විශේෂයෙන්ම පැරණි කැබිනට් මණ්ඩලයේ අය වෙනුවට අලුත්ම සාමාජිකයින්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කෙරෙන බවට වූ එකඟතාව අනුව සියල්ලන්ම ඉල්ලා අස්වුණත් පසුව ජනාධිපතිවරයා විසින් මොහොමඩ් අලි සබ්‍රි, ප්‍රසන්න රණතුංග වැනි තෝරාගත් හිටපු ඇමතිවරුන් කිහිපදෙනෙකුත් නව කැබිනට් මණ්ඩලයට ඇතුළත් කිරීම තුළ සෙසු හිටපු ඇමතිවරුන් දැඩි ලෙස අමනාප වී ඇති බව සඳහන්. මෙය එස්. එම්. චන්ද්‍රසේන හිටපු අමාත්‍යවරයා ඊයේ දිනයේදී ප්‍රසිද්ධියේමත් ප්‍රකාශ කර තිබිණි.

මීට අමතරව ඒ ඒ දිස්ත්‍රික්කවල ජ්‍යේෂ්ඨ දේශපාලනඥයින් වශයෙන් ඒවායේ ඡන්ද පදනම ස්ථාවර කරගෙන සිටි තමන්ව පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවට පත්කර ඒ ඒ දිස්ත්‍රික්කවල නවකයින් කැබිනට් තනතුරුවලට පත්වීම තුළ තමන්ගේ ඡන්ද පදනමට වන හානිය ඔවුන්ගේ දැඩි විරෝධයට මුල වී ඇති බවත් වාර්තා විය.

එමෙන්ම මුලදී ඉල්ලා අස්වීමට එකඟ වුවත් නවකයින්ට කැබිනට් තනතුරු ලැබීමත් සමඟ තමන් පසෙකට වීසි වීම මෙම හිටපු කැබිනට් ඇමතිවරුන්ගේ අභිමානයට ද දරුණු ලෙස බලපෑම් කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඒ අනුව ඔවුන් දැනටමත් කිහිපදෙනා වශයෙන් එක්වෙමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කරමින් සිටින අතර මෙය ආණ්ඩුවට එරෙහි දේශපාලන කැරැල්ලක මුල විය හැකි බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකානු සම්බාධක නොතකා ඉරානය LPG සහ ජෙට් ඉන්ධන නැව්ගත කරන බවට වාර්තා වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඇමෙරිකා...

නාමල්ගේ පෞද්ගලික ලේකම් සංජයගේ නිවසට මහ රෑ අල්ලස් කොමිසමෙන් පනී !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

ඉන්දුනීසියාවේ අපිරිසිදු වාතය හේතුවෙන් අසල්වැසි රටවල් පීඩාවට — සිංගප්පූරුව නීතිමය පියවර ගන්නා බවට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඉන්දුනීසියාවේ...

කාවන්තිස්සට මියයන්න වෙන්නේ ….

කාවන්තිස්සට මියයන්න වෙන්නේ පොහොසත් රටක ලස්සන ජීවිතයක් අපි ගතකරන...