ප්‍රසන්නගේ අයෝමය ශක්තියත් විරෝධයට

0
199

පවතින ආණ්ඩුව සහ නායකත්වය ප්‍රතික්ෂේප කිරීමේ අරගලයට සහය දක්වමින් සහ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කර ගැනීමට පැය 24 ක් නිරාහාරව හිටිමින් ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් සිදු කළ උද්ඝෝෂණයට ක්‍රීඩා කේෂත්‍රයේ සහයෝගය ලබා දෙමින් අද දවසේ එක්වන්නේ කායවර්ධන සූර ප්‍රසන්න පීරිස්ය.

අද දිනයේ ඒ සත්‍යග්‍රහයට සහභාගිවෙමින් පැය 24 ට පසුව සත්‍යග්‍රහයෙන් ඉවත් වූ හෙල්ල වීසිකිරීමේ සූර සචිත් මධුරංගගෙන් පසුව ඇරඹෙන පැය 24 ක කාලය සඳහා ප්‍රසන්න පීරිස් දායකත්වය ලබා දෙනු ඇත.

ජාත්‍යන්තර ජයග්‍රහණ ගණනාවක් ශ්‍රී ලංකා කායවර්ධන කේෂ්ත්‍රයට ළඟා කර දුන් ප්‍රසන්න,මව්රටට කීර්තිය ළඟාකර දීම සඳහා සිය වියදමෙන් විදෙස් රටක පුහුණුවීම් සිඳු කළ අයෙකි.

RM

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here