මනම්පිටියේ දේවස්ථානයකට වෙඩිතැබූ සැකකරු අත්අඩංගුවට. හේතුවත් හෙළිවෙයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මනම්පිටිය ආයුර්වේද පෙදෙසේ පිහිටි දේවස්ථානයකට වෙඩිතබා පළාගිය සැකකරු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

“ජීවමාන ක්‍රිස්තු දේවස්ථානය” නම් වූ මෙම දේවස්ථානයට ඊයේ (අප්‍රේල් 18) රාත්‍රී 07.00 ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබිණි. මෙම වෙඩිතැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානි සිදුවී නොතිබුණු අතර දේවස්ථානයේ ජනේලයකට හානි සිදුව තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් මනම්පිටිය පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයේදී සැකකරු අත් අඩංගුවට ගැනීමට හැකිවී ඇත. මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මනම්පිටිය ප්‍රධාන පාරේ පදිංචි 38 හැවිරිදි අයෙකි. වෙඩිතැබීමට යොදාගන්නා ලද මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම දේවස්ථානයේ දේවගැතිවරයා සමග පැවති පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි පොලීසිය පවසන්නේ.

මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවසානය වැස්සෙන් සේදුණු විස්සයි විස්සේ දස්කම්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ග්‍රීන්,බ්ලූ සහ ග්‍රේ ලෙස කණ්ඩායම්...

පාස්කු ප්‍රහාරය : විමල් වීරවංශ CIDයට කැඳවයි !

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාව අද (15) පෙරවරුවේ අපරාධ...

වජිර අබේවර්ධනගෙන් FCIDය ප්‍රශ්න කරයි. වජිර මාධ්‍යටත් බැනගෙනම යයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යවරයකු සහ එක්සත් ජාතික පක්ෂයේ...