මනම්පිටියේ දේවස්ථානයකට වෙඩිතැබූ සැකකරු අත්අඩංගුවට. හේතුවත් හෙළිවෙයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මනම්පිටිය ආයුර්වේද පෙදෙසේ පිහිටි දේවස්ථානයකට වෙඩිතබා පළාගිය සැකකරු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

“ජීවමාන ක්‍රිස්තු දේවස්ථානය” නම් වූ මෙම දේවස්ථානයට ඊයේ (අප්‍රේල් 18) රාත්‍රී 07.00 ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබිණි. මෙම වෙඩිතැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානි සිදුවී නොතිබුණු අතර දේවස්ථානයේ ජනේලයකට හානි සිදුව තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් මනම්පිටිය පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයේදී සැකකරු අත් අඩංගුවට ගැනීමට හැකිවී ඇත. මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මනම්පිටිය ප්‍රධාන පාරේ පදිංචි 38 හැවිරිදි අයෙකි. වෙඩිතැබීමට යොදාගන්නා ලද මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම දේවස්ථානයේ දේවගැතිවරයා සමග පැවති පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි පොලීසිය පවසන්නේ.

මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...