ජනපති අනුරගේ බලහත්කාරකමකට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිලි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයට බලය හිමිනොවන පළාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු සඳහා මුදල් ලබානොදෙන බව හැඟවෙන පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැතිවරණ ප්‍රචාරක රැස්වීම්වලදී සිදුකරන ප්‍රකාශවලට එරෙහිව එක්සත් ජාතික නිදහස් පෙරමුණ මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එම පෙරමුණේ මහලේකම් ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න විසින් ඊයේ (අප්‍රේල් 18) දිනයේදී මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය.

“මේ වෙනකොට ආණ්ඩුවට බුද්ධි වාර්තා ගිහිල්ලා තියෙනවා පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය ඉතාම භයානක තත්වයකට පත්වෙනවා කියලා. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට ජනාධිපතිතුමා දැන් යන යන මැතිවරණ වේදිකාවේ කියනවා මාලිමාවට බලය දුන්නෙ නැතිනම් ඒ සභාවලට මුදල් දෙන්නෙ නැහැයි කියලා. පැහැදිලිවම මේක මැතිවරණ නීති උල්ලංඝනය කරගෙන මැතිවරණයට කරන සෘජු බලහත්කාරකමක්. මේක අපි තරයේ හෙළාදකිනවා, මේක නීතිවිරෝධී. කවුරු දින්නත් ඒ ප්‍රාදේශීය සභාවලට මුදල් නවත්වන්න ජනාධිපතිට බලයක් නැහැ. මේගොල්ලොන්ට පුරුදුයිනෙ මේ බියගන්වන වැඩේ”

මීට අමතරව තවත් පවුල් ලක්ෂ 04කට අස්වැසුම සහනාධාරය ලබාදෙන බවට මන්නාරමේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියකදී ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයට එරෙහිව එක්සත් ජනරජ පෙරමුණ විසින් ද ඊයේ දිනයේදී මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...