තම ගෙවත්තේදීම වන අලි ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයකු මරුට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (අප්‍රේල් 19) අළුයම් කාලයේදී හොරොව්පොතාන ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයකු මරුමුවට පත්ව තිබේ.

හොරොව්පොතාන, අලපත්තෑව ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා අද අළුයම තම අවශ්‍යතාවක් සඳහා නිවසේ දොර විවෘත කරගෙන පිටතට පැමිණි අවස්ථාවේදී ගෙවත්තේ රැඳී සිටි වන අලියකු විසින් ඔහුට පහරදී ඇත.

වන අලියාගේ පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා කඩිනමින් හොරොව්පොතාන රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති නමුත් රෝහලට ඇතුළත් කරන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිට ඇති බව සඳහන්.

මෙසේ මියගොස් ඇත්තේ අලපත්තෑව, සියඹලාවැව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...

ආපදා හමුවේ ආණ්ඩුවේ හැසිරීම ප්‍රශස්තයි.වන්දියත් හොඳයි.ලොකු පිනක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා හමුවේ...