*
Sunday, April 20, 2025
spot_img

Latest Posts

ශ්‍රී ලාංකික උරුමයන් යුනෙස්කෝවෙහි මතක අතරට!

සටහන – පුලී
අප්‍රේල් 19, කොළඹ (LNW):
 යුනෙස්කෝ සංවිධානය විසින් ශ්‍රී ලාංකික සංස්කෘතික වාර්තා දෙකක් නිල වශයෙන් ලේඛන ගත කර තිබේ.
ත්‍රිභාෂා සෙල්ලිපිය සහ පානදුර වාදය (පානදුරේ මහා විවාදය) හා සම්බන්ධ ලේඛනය මීට ඇතුළත් විය.

ශ්‍රී ලංකාව සහ චීනය ඒකාබද්ධව ඉදිරිපත් කරන ලද ත්‍රිභාෂා සෙල්ලිපිය, බුදුන්, විෂ්ණු සහ අල්ලාහ් දෙවියන්ට උපහාර දක්වමින් චීන, දෙමළ සහ පර්සියානු භාෂාවලින් කැටයම් කරන ලද ගල් පුවරුවකි. එය මුලින් චීන අද්මිරාල් ෂෙන්ග් හේ විසින් 1409 වසරේ දී ඉදිකරන ලද අතර 1911 දී බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු විසින් ශ්‍රී ලංකාවේදී එය සොයා ගන්නා ලදී.

අද වන විට එය කොළඹ ජාතික කෞතුකාගාරයේ තබා ඇති අතර එහි අනුරුවක් ගාල්ලේ ද ප්‍රදර්ශනය කෙරේ. යුනෙස්කෝවට අනුව, විවිධ සංස්කෘතික හා භූගෝලීය කලාප නියෝජනය කරන මෙම භාෂා තුන ඇතුළත් එකම දන්නා සෙල්ලිපිය මෙය බව සැලකේ.

පානදුරේ රන්කොත් විහාරයේ සංරක්ෂණය කර ඇති 1873 පානදුර විවාදයට සම්බන්ධ ඓතිහාසික ලේඛන හතරක් ද හඳුනාගෙන ඇත. මේවාට ක්‍රිස්තියානි සහ බෞද්ධ නායකයින් අතර හුවමාරු වූ ලිපි සහ තීන්තවලින් අතින් ලියන ලද පිටු 27.5 ක ආගමික සංවාදයක සම්පූර්ණ පිටපතක් ඇතුළත් වේ.

ආගමික පැනයක් පැවති කාලපරිච්ඡේදයක මෙම විවාදය සිදු වූ අතර එය ආගමික භක්තිකයන් දෙපිරිස අතර අන්‍යෝන්‍ය ගෞරවය සහ අවබෝධය වර්ධනය කිරීම සඳහා නිර්මාණය වන ලද්දකි.

එහි ඉංග්‍රීසි පරිවර්තනය පසුව යුරෝපයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ආගමික විද්වතුන් කෙරෙහි බලපෑම් ඇති කළ අතර බුද්ධාගමේ ගෝලීය පිළිගැනීමට ද දායක විය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan