ගෘහස්ත ක්‍රිකට් තරගාවලියේ පිරිමි ආධිපත්‍යය ශ්‍රී ලංකාවට කාන්තා අනු සූරතාවයත් ශ්‍රී ලංකාවට

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 20, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ පැවති එංගලන්ත – ආසියා ගෘහස්ත ක්‍රිකට් තරගාවලියේ වීවෘත අංශයේ පිරිමි සූරතාවය දිනා ගන්නට ශ්‍රී ලංකාව සමත් වුණා.එහි අනූ සූරයන් වූයේ ඉන්දියාවයි.කාන්තා විවෘත අංශයේ අනු සූරතාවයෙන් සෑහෙන්නට ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන්ට සිඳු වෙද්දී සූරියන් වීමේ භාග්‍යය උදා කර ගත්තේ එංගලන්ත කණ්ඩායමයි.


මේ තරගාවලියේ ප්‍රවීන අංශයේ පිරිමි තරගාවලියක් ද පැවති අතර එහිදී ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම සූරතාවය සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අනු සූරතාවය දිනා ගත්තා.
පිරිමි අංශයේ දී තරගාවලියේ වීරයා ලෙස ඇගයීමට පත් වූයේ එංගලන්තය නියෝජනය කළ නැවි පටෙල් වන අතර අවසාන තරගයේ වීරයාගේ සම්මානය ශ්‍රී ලංකා කණ්ඩායමේ රුමේෂ් පෙරේරා ට හිමි වුණා ඉන්දියාවේ විජේ ගව්ඩා දක්ෂතම පිතිකරු ලෙස සහ ශ්‍රී ලංකාවේ දිලීසර සසංක හොඳම පන්දු යවන්නා ලෙස ඇගයීමට පාත්‍ර වුණා.


කාන්තා අංශයේ දී තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වුණ ඩි’නිකා රොෆ් අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසද ඇගයීමට ලක්වීම කැපී පෙණුනා.තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නිය බවට පත් වුණේ ශ්‍රී ලංකාවේ අනුශ්කා පෙරේරා යි.පිතිකාරිණිය බවට එංගලන්තයේ උනා පරම්ජෝති ඇගයීම් ලැබුවා.
ප්‍රවීන තරගාවලියේ දී දක්ෂතම ක්‍රීඩකයා වීමේ භාග්‍යය ශ්‍රී ලංකාවේ ගිහාන් ගුණතිලතට උදා වුණා.අවසන් තරගයේ වීරයා වීමේ හැකියාව ලැබුණේ ශ්‍රී ලංකාවේ ජාවිඩ් ෆාරුක්ට යි.ශ්‍රී ලංකාවේ නුවන් දිනේෂ් සහ ප්‍රසන්න කුමාර පිළිවෙලින් හොඳම පන්දු යවන්නා සහ පිතිකරු ලෙස ඇගයීමට ලක් වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි!

දිනුෂි ධීරසිංහකොළඹ LNW:චීන විදේශ විනිමය පරිපාලනය ඊයේ(07) නිකුත් කළ...

අනේ ප්ලීස් නම් කියන්න එපා. මන් කියනදේ අහලා ඒක කරන්න – සජිත්

කොළඹ LNW: ආපදා තත්ත්වය නිසා විනාශ වූ ජන ජීවිත...

අනුරපුරෙන් හමු වූ පරිභෝජනයට නුසුදුසු මස් කි.ග්‍රෑ. 12,000කට මුද්‍රා තැබේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 කොළඹ LNW : අනුරාධපුර දිස්ත්‍රික්කයේ සත්ත්ව...

බිත්තරයක මිල රු.70ක් දක්වා ඉහළට?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වය හමුවේ සත්ව ගොවිපොළවල්වලට සිදුව ඇති...