බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව නව ආයෝජන අවස්ථා සහ නීල ආර්ථික විභවයන් පිළිබඳව ගවේෂණය කරයි

Date:

බෙංගාල බොක්ක ආශ්‍රිතව හවුල් උනන්දුවක් සහිත බහුවිධ ආයෝජන ක්ෂේත්‍රවල ජයග්‍රාහී තත්ත්වයන් සඳහා ඒකාබද්ධව කටයුතු කිරීමටත්, නීල ආර්ථිකයේ හවුල් පාර්ශ්වකරුවන් වීම සඳහාත් වන දෙරට සතු දැවැන්ත ශක්‍යතා ආශ්‍රිත වැදගත්කම, මහ කොමසාරිස් මහාචාර්ය සුධර්ශන් සෙනෙවිරත්න මැතිතුමා විසින් පෙන්වා දෙන ලදී. 2022 අප්‍රේල් 5 වැනි දින ඩකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (DCCI) සභාපති රිස්වාන් රහ්මාන් මහතා සමඟ ඩකා හි පිහිටි DCCI කාර්යාලයේ පැවති හමුවක දී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි.

මහ කොමසාරිස් සෙනෙවිරත්න මැතිතුමා සහ සභාපති රිස්වාන් මහතා මෙහිදී පුළුල් පරාසයක මුලපිරීම් පිළිබඳව සාකච්ඡා පැවැත්වූ අතර සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මය, නාවික සහ සැපයුම් අංශය, ඖෂධ සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීම සඳහා බංග්ලාදේශය සතු හැකියාව පිළිබඳව ගවේෂණය කළහ.

බංග්ලාදේශ ආයෝජකයන් සඳහා ශ්‍රී ලංකාව ආකර්ෂණීය ගමනාන්තයක් විය හැකි බව සඳහන් කළ DCCI හි සභාපති රිස්වාන් මහතා, මහ කොමසාරිස් කාර්යාලයේ ආර්ථික ප්‍රවර්ධන කටයුතු සඳහා සහය දැක්වීමට DCCI ආයතනය සූදානමින් පසුවන බව ප්‍රකාශ කළේ ය. මෙම වසරේ පහසු වේලාවක ශ්‍රී ලංකාව වෙත ව්‍යාපාරික දූත පිරිසක් එවීමට ද එතුමා සිය එකඟත්වය පළ කළේ ය.

මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් (වාණිජ) ශ්‍රීමාලි ජයරත්න මහත්මිය ද මෙම හමුවට සහභාගී වූවා ය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ඩකා

2022 අප්‍රේල් 19 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් අනතුරින් බටහිර ඇෆ්ගනිස්ථානයේ අහිමි වූ ජීවිත ගණන 73ක්: 17 ක් කුඩා දරුවන්

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කාබුල් බලා යමින්...

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...