ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා ජනාධිපතිවරයාගේ බලතල අඩුකිරීමට උත්සාහ කළහොත් තමන් විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාවට සහාය පළකර ආණ්ඩුව බිඳවැට්ටවීමට කටයුතු කරන බවට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 8 දෙනෙකු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
මෙම මන්ත්‍රීවරුන් 8 දෙනාව මෙහෙයවන්නේ ජනාධිපතිවරයා ම විසින් බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.
ආණ්ඩුවට දැනට ඇත්තේ පාර්ලිමේන්තු ආසන 118ක පමණ බලයක් වන අතර 8 දෙනෙකු විශ්වාසභංග යෝජනාවට සහාය පළ කළහොත් ආණ්ඩුවට එයින් පරාජය වීමට සිදුවේ.
RN