රඹුක්කන වෙඩිතැබීම ගැන ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍යයයි – නීතීඥ සංගමය අවධාරණය කරයි

0
550

රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවකට පොලිසිය එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරණයට පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය කම්පනයටත් කණගාටුවටත් පත්ව සිටින බව එම සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා පවසයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකළ යුතු අතර ජනතාවගේ සැබෑ දුෂ්කරතාවන් හමුවේ ජනතාව සිදුකරන විරෝධතා සම්බන්ධයෙන් ආරක්ෂක අංශ උපරිම සංයමයකින් යුතුව කටයුතු කරන රජය වගබලා ගතයුතු බවත් ඒ මහතා අවධාරණය කරයි.

එමෙන්ම රටේ ජනතාවගේ ආරක්ෂාව සහ අයිතීන් වෙනුවෙන් තම සංගමයේ සාමාජිකයින් තවදුරටත් උපරිමයෙන් පෙනී සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here