මෙහෙම අහිංසක මිනිස්සු මරන්න නෙවෙයි අපි ආණ්ඩුවක් ගෙනාවේ – කොටුවේ පොඩි හාමුදුරුවෝ (VIDEO)

Date:

තමන් මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කළේ මේ ආකාරයෙන් අහිංසක මිනිසුන්ව ඝාතනය කිරීමට නොවන බව කොටුවේ පොඩි හාමුදුරුවෝ හෙවත් අත්තරගම ප්‍රඥාලංකාර හිමි පවසයි.

සිය සැබෑ දුෂ්කරතාවන්ට එරෙහිව විරෝධතාවයෙහි නියැළෙන ජනතාවට වෙඩිතැබීම සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් වන අතර මෙහි වගකීම සම්පූර්ණයෙන්ම භාරගත යුතු බවත් එහිමි අවධාරණය කරයි.

ජනතාව තමන්ට අකමැති නම් තම දේශපාලනය පිළිබඳ තීන්දුවක් ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා ද කටයුතු කළයුතු බවයි එහිමි සඳහන් කරන්නේ.

එමෙන්ම තමන් මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට කඩේ ගිය නමුත් එසේ කඩේ ගියේ ඒ අවස්ථාවේ තිබුණු රැල්ලට බව පවසන එහිමි තවදුරටත් මේ ආකාරයෙන් ආණ්ඩුවට ගමනක් නොමැති බවත් ප්‍රකාශ කළේය.

අත්තරගම ප්‍රඥාලංකාර හිමි මේ බව පැවසුවේ ඊයේ (19) රාත්‍රියේදී ඉන්දියාවේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...