*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

අගමැති මහින්ද ඊයේ රාත්‍රියේ කථානායක සමග විශේෂ රහස් සාකච්ඡාවක !

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (19) රාත්‍රියේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමග විශේෂ රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බව සමීප ආරංචිමාර්ග පවසයි.

බොහෝදුරට අද (20) දිනයේදී ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් 113 කගේ බහුතර බලය අහිමි වීමේ අවදානමක් උද්ගතව ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා මෙසේ කථානායකවරයා කැඳවා සාකච්ඡා කර ඇති බව සඳහන්.

විශේෂයෙන්ම ඊයේ දිනයේදී රඹුක්කන ප්‍රදේශයේදී පොලිසිය සිදුකළ වෙඩිතැබීමත් සමග ආණ්ඩු විරෝධය තවත් උත්සන්න වී ඇති නිසා බහුතර බලය අහිමි වී ආණ්ඩුව කඩාවැටීමට පෙර තමන් ඉල්ලා අස්විය යුතුද යන්න පිළිබඳව අගමැතිවරයා මෙහිදී කථානායකවරයාගෙන් විමසා ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

කෙසේවෙතත් මේ වනතෙක් ආණ්ඩුවට 113ක බහුතරය අහිමි වීමේ අවදානමක් පාර්ලිමේන්තුව තුළ උද්ගතව නොමැති බව පවසා ඇති කථානායකවරයා එහෙයින් අගමැතිවරයා ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ප්‍රකාශ කර ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan