බයිඩන්ගෙන් යුක්රේනයට තවත් හමුදා ආධාරයක්!

Date:

යුක්රේනයේ මතුව ඇති තත්ත්වය හමුවේ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා එරටට යුධ ආධාර ලබාදීම ආරම්භ කර තිබේ.

මේ අන්දමට ඇමරිකානු ඩොලර් මිලියන 800 ක යුධ ආධාර යුක්රේනයට ලබා දෙන බවට එක්සත් ජනපදය ඉකුත් සතියේ නිවේදනය කර තිබිණි.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන අන්දමට, එළඹෙන දින කිහිපය තුළ එම වටිනාකම හා සමාන තවත් යුධ ආධාර ලබා දීමට ඇමරිකානු ජනාධිපතිවරයා සූදානමින් සිටී.

මෙම යුධ ආධාර පැකේජය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු මාධ්‍ය වෙත මුදා හැර නැති අතර, එය එළඹෙන දවස් කිහිපය තුළ ලබා දීමට නියමිත බව මූලාශ්‍ර උපුටා දක්වමින් එම පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර සිටී.

මෙම යුධ ආධාර පැකේජයේ වටිනාකම ද පෙර ලබා දුන් අධාර පැකේජය මෙන් ඇමරිකානු ඩොලර් මිලියන 800 කට ආසන්න බවයි එම පුවත් සේවය වාර්තා කර සිටින්නේ.

දැනටමත් රුසියානු-යුක්රේන යුධ අර්බුදය තුළ රුසියාවට සම්බාධක පැනවීමට එක්සත් ජනපදය සහ යුරෝපීය කලාපයේ රාජ්‍ය ගණනාවක්ම කටයුතු කර ඇති අතර, රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් යනු යුධ අපරාධකරුවකු බවට ලොව නන්දෙස අර්තකථනය වෙමින් තිබේ.

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදේශ සංචිත පහළට !

නොවැම්බර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත...

ප්‍රදේශ රැසකට වැසි – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

ශ්‍රී ලංකා බලධාරීන් IMF වෙතින් ඩොලර් මිලියන 200ක හදිසි ණයක් ඉල්ලයි

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන...

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය...