*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

ඩොලර් අර්බුදය මැද්දේ ධම්මික පෙරේරා කටුනායක ගුවන් තොටුපළට ගියේ ඇයි ?

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අද (20) උදෑසන කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පැවති රැස්වීමක් සඳහා සහභාගී වී තිබුණු අතර හිටපු ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා මේ පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී ද ප්‍රශ්න කර තිබිණි.

මේ අතර ඇතැම් මාධ්‍ය මෙම පුවත පළකර තිබුණේ ව්‍යාපාරික ධම්මික පෙරේරා කටුනායක ගුවන් තොටුපළ මිලට ගැනීමට සැරසෙන බවක් සඳහන් කරමිනි.

මේ පිළිබඳව ලංකා නිව්ස් වෙබ් අප ධම්මික පෙරේරා මහතාගෙන් විමසීමක් කළ අතර ඒ මහතා පැවසුවේ මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ඩොලර් අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා අපට ඇති ප්‍රධානතම ක්ෂේත්‍රයක් වන සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමට අදාළව කටුනායක ගුවන් තොටුපළේ සිදුකළ යුතු අත්‍යාවශ්‍ය සංවර්ධන කටයුතු කිහිපයක් පිළිබඳව පෞද්ගලික අංශයේ අදහස් ලබාගැනීම සඳහා පැවති රැස්වීමකට තමන් සහභාගී වූ බවයි. එහිදී ප්‍රධාන ගැටලු තුනක් සම්බන්ධයෙන් අවධානය යොමුකෙරුණු බවත් ඒ මහතා සඳහන් කළේය.

පැය 24ක් තුළ කටුනායකට ගොඩබෑමට හැකි ගුවන් යානා සංඛ්‍යාව වැඩිකිරීම

මෑතකාලීනව ගත් කල මෙරට සංචාරක කර්මාන්තය ඉතාමත්ම හොඳම මට්ටමින් ක්‍රියාත්මක වූ 2018 වසරේදී පවා කටුනායක ගුවන් තොටුපළට පැය 24ක් තුළ ගොඩබෑමට හැකිවුණේ ගුවන් යානා 94 කි. මෙම සංඛ්‍යාව 250ක් දක්වා වැඩිකිරීමට නම් සකස් කළයුතු අඩුපාඩු සම්බන්ධයෙන් මෙම රැස්වීමේදී සාකච්ඡා කර තිබේ.

බජට් එයාර් ලයින් ගුවන් යානා සඳහා පහසුකම් වැඩිදියුණු කිරීම

සාමාන්‍යයෙන් ජාත්‍යන්තර ප්‍රමිතිය අනුව බජට් එයාර් ලයින් ගුවන් යානයක් ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි විට විනාඩි 25කින් එය ආපසු හරවාගෙන යා හැකි විය යුතුය. නමුත් කටුනායක ගුවන් තොටුපළේ වත්මන් තත්වය අනුව ඊට විනාඩි 40ක් ගත වේ. ඒ අනුව මෙසේ අමතරව ගතවෙන විනාඩි 15 අඩුකර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙම රැස්වීමේ සාකච්ඡාවට භාජනය වී ඇත.

ප්‍රභූ පර්යන්තය මුදල් ගෙවා මගීන්ට භාවිතා කළ හැකි පරිදි සකස් කිරීම

කටුනායක ගුවන් තොටුපළේ ප්‍රභූ පර්යන්තය (VIP lounge) දැනට වැඩි වශයෙන්ම භාවිතා කරන්නේ මැති ඇමතිවරුන් පමණි. ඒ නිසා එම පර්යන්තය බොහෝ අවස්ථාවල භාවිතයෙන් තොරව හිස්ව පවතී. ඒ අනුව එක් මගියෙකුගෙන් ඇමරිකානු ඩොලර් 300ක් බැගින් අය කරමින් එම පර්යන්තයෙන් ඔවුන්ට මෙරටට පැමිණීමට සහ පිටවීමට අදාළ පහසුකම් සපයන්නේ කෙසේද යන්න පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී යෝජනා සහ අදහස් හුවමාරු වී තිබේ.

ඉහත කී මාතෘකා සම්බන්ධයෙන් පසුගියදා පැවති කැබිනට් රැස්වීමකදී අවධානය යොමු වී ඇති අතර මේ සම්බන්ධයෙන් පෞද්ගලික අංශයේ අදහස් ලබාගැනීම සඳහා අමාත්‍යවරුන් විසින් කමිටුවක් පත්කර ඇති බවත් අද දිනයේ පැවතියේ එම කමිටුවේ රැස්වීම බවත් ධම්මික පෙරේරා මහතා සඳහන් කළේය. තමන් මෙන්ම පුද්ගලික අංශයේ තවත් ව්‍යාපාරිකයින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම රැස්වීම සඳහා සහභාගී වී සිටි බවත් ඒ මහතා පැවසීය.

එමෙන්ම ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණු ආකාරයෙන් හෝ පාර්ලිමේන්තුවේ කතාබහට ලක්වූ ආකාරයෙන් හෝ මෙහිදී කිසිදු නොසන්සුන්තාවක් ඇති නොවුණු බවත් සඳහන් කළ ධම්මික පෙරේරා රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලුම දෙනා ඉතාම හොඳ සහයෝගයක් ලබාදෙමින් මෙම රැස්වීම ඉතාම සාර්ථක එකක් බවට පත්කර ගත් බවත් ප්‍රකාශ කළේය.

“2030 ශ්‍රී ලංකාව සංවර්ධිත රටක්” මැයෙන් තමත් විසින් 2019 වසරේදී එළිදක්වන ලද සංවාද ප්‍රතිපත්ති පත්‍රිකාවෙහි ද මෙරට සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රය දියුණු කිරීම පිළිබඳව යෝජනා ඉදිරිපත් කර ඇති බව සිහිපත් කළ ඒ මහතා ඉදිරියේදී මෙරටට වාර්ෂිකව සංචාරකයින් මිලියන 5ක් රැගෙන ඒමේ ඉලක්කය සාක්ෂාත් කරගැනීමට නම් අනිවාර්යයෙන්ම ඉහත කී ආකාරයට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ වැඩිදියුණු කිරීම සිදුකළ යුතුව පවතින බවත් පෙන්වා දුන්නේය.

RN

අමාත්‍යාංශ 24ක් සඳහා වෙන් වෙන් වශයෙන් යෝජනා ඇතුළත් “2030 ශ්‍රී ලංකාව සංවර්ධිත රටක්” සංවාද ප්‍රතිපත්ති පත්‍රිකාව මෙතැනින් කියවිය හැකිය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan