අවිනීත ක්‍රමවලින් උද්ඝෝෂණ මර්දනය කිරීම වහාම නතර කරන්න – කාදිනල් හිමි බලධාරීන්ගෙන් ඉල්ලයි (VIDEO)

රඹුක්කන වෙඩි තැබීමේ සිදුවීම පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් සිදුකොට වැරදිකරුවන්ට නීතියෙන් දඬුවම් ලබාදෙන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (20) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමිනි.

දරාගත නොහැකි ආර්ථික දුෂ්කරතාව නිසා එම පීඩාව ප්‍රකාශ කිරීමට උද්ඝෝෂණයේ සහ අරගලයේ යෙදෙන අහිංසක ජනතාව වෙනත් අවිනීත ක්‍රමවලින් මර්දනය කිරීම වහාම නතර කරන ලෙසද රජයට බලකරන බවයි උන්වහන්සේ පැවසුවේ.

උද්ඝෝෂණ, විරෝධතා අභ්‍යන්තරයෙන්ම දුර්වලකිරිම සඳහා යාම යාම උපක්‍රම භාවිතා කල හැකි හෙයින් එම බලවේගවලට ගොදුරු නොවී ඉතාම ගෞරවාන්විතව සාධාරණ අයුරින් විරෝධතා වල නිරත වන ලෙසද උන්වහන්සේ සිහිපත් කළහ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තිරිඟු පිටි මිල ඉහළට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තිරිඟු පිටි මිල...

අද(21) වැසි තත්ත්වය – දවසේ කාලගුණය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවට ආසන්න...

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...